(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව සුනාමි ව්‍යසනයට මුහුණ පා හෙටට (26) වසර 18 ක් සම්පූර්ණ වන අතර ඉන් මියගිය අය සිහිපත් කරමින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
සුනාමි විපත සිහිකරමින් සෑම වසරකම දෙසැම්බර් 26 දිනය “ජාතික සුරක්ෂිත දිනය” ලෙස නම් කර ඇති අතර, දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් මෙම සැමරුම් වැඩසටහන් පැවැත්වෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ජානක හඳුන්පතිරාජ මහතා පැවසීය.
මෙහි ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය “සුනාමි ස්මාරකය” අභියස දී හෙට (26) උදෑසන පැවැත්වීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් සහ ආරක්ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් මෙන්ම සුනාමි ව්‍යසනයෙන් ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල ඥාතීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
සුනාමි ව්‍යසනයට හසුව හානි වූ අංක 50 දරණ දුම්රිය එන්ජිම සහිත දුම්රියක් ද මෙම අවස්ථාවේදී පැරෑලිය වෙත පැමිණෙන අතර සුනාමියෙන් මියගිය අයගේ ඥාතීන් පිරිසක් ද එම දුම්රියෙන් පැමිණ සැමරුම් වැඩසටහන හා එක්වීමට නියමිත බව හඳුන්පතිරාජ මහතා සඳහන් කළේය.
එසේම හෙට පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කිරීම සදහා දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීවේය.
සුමාත්‍රා ආසන්නයේ සිදු වු භුමි කම්පාවක් හේතුවෙන් හටගත් සුනාමි ව්‍යසනය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මුහුදුබඩ දිස්ත්‍රික්ක 14 කට දැඩි හානි සිදුවූ අතර ඉන් මිය ගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 35,000 ක් පමණ වේ.
තවත් 5000 ක පමණ ඉන් අතුරුදන් විය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුනාමියට 18:මිනිත්තු දෙකක් රටම නවතී