IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්

(සුජිත් හේවාජුලිගේ )

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින්  ස්ථාපනය කෙරුණු  සුනාමි සහ සුළි සුළං සඳහා පූර්ව  දැනුම් දීමේ කුලුනු 77න් කුලුනු  පනස් පහක් අක්‍රියවී  පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මෙම කුලුනු  වෙනුවෙන් 2016 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික ආයතන වෙත රුපියල් කෝටි නවයක්ද නඩත්තු වෙනුවෙන් තවත් මුදලක්ද වැය කර ඇතත් එම කුලුනු ඉදිකිරීමේ අරමුණු ඉෂ්ට වී නැති බවද  වාර්තාවේ දැක්වෙයි.

පූර්ව දැනුම් දීමේ කුලුනු වෙනුවට වර්තමානයේ වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමුවී ඇති බව  විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

එසේම ගංගා ද්‍රෝණි පහක් ආශ්‍රිතව පිහිටුවා ඇති සර් ස්වයංක්‍රීය වැසි මාපක  122කින් පනස් දෙකක් අක්‍රිය වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

තවද ආපදා කළමනාකරණ ආදී තිබූ රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ආපදා මෙහෙයුම් රථයද රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රදර්ශන රථයද  අව්වැසි ආවරණයක් නොමැතිව අනාරක්ෂිතව ගාල් කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.

ජංගම ප්‍රදර්ශන රථය එම අරමුණින් බැහැරව බඩු ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ බවද විගණනයේදී තොරතුරු හෙළි වී ඇත.

මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ව්‍යසනවලින් සිදුවන ආපදාවන් කළමනාකරණය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.



අදහස් (4)

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්

sam Friday, 19 April 2024 03:18 PM

දේශපාලුවොයි, දූෂිත නිලධාරිනුයි එකතුවෙලා රටට කරන වින්නැහිය.

:       0       13

අහිංසක ජනතාව Friday, 19 April 2024 03:51 PM

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කරන්න පෙර එවැනි කටයුතු කලේ සමාජ සේවා දෙපාර්තමේන්තුව තමයි ඒත් ඉතින් මේ අලුත්ම ආයතනය වුණත් ඒකට ඇවිල්ලා තියෙන්නේ ඊයේ ගෙවී ඉවරයි හෙට තව ලබා නැහැ අද සුමිහිරියි ඉතින් ගෙවුණු කාලය හා අනාගතය බලන්නෙ මොකටද සිතන බඩගෝස්තරවාදීන් පිරිසක් කියලා හිතෙනවා. 1948 සිටම රට පාලනය කරපු දේශපාලුවො තමන්ගෙ කාලය අවසන් වෙලා ගියා රටේ මුදල් යොදාගෙන ඇරඹූ කටයුතු අතරමඟ නැවතුනා ඒවා බලන්න එකෙක් නැහැ රටේ සංවර්ධනය අගාධයකට වැටුනා ඇත්තටම මෙහෙම වෙන්නෙ අදාල අමාත්‍යාංශයේ ඇමැති හා ලේකම් ආදී පිරිසගේ අකාර්යක්ෂමතාවය අනවධානය හා නොසැළකිල්ල මේකට හේතුවක් වෙනවා කොටින්ම කිව්වොත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයක් නොකිරීම හා අවබෝධයක් නැති පාලකයො පත්කිරීම මේකට හේතුවක් වෙනවා

:       0       12

Rifan Friday, 19 April 2024 04:03 PM

රටේ සෑම සියළු කේෂ්ත්‍රයකම තත්වය මේක තමයි. වත්මන් පාලකයින්ගෙන් සහ ඔවුන්ට මුක්කු ගහගෙන රාජ්‍ය දේපල සූරාකන නිලධාරීන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.

:       0       10

ගමේ එකාලා Saturday, 20 April 2024 04:26 PM

අපේ රටේ දූෂිත දේශපාලුවන් සහ ඔවුන්ගේ අඩි පාරේ යන අය වැඩක් කෙරුවොත් ආයේ කියන්න දෙයක් නැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site