(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සනීපාරක්ෂක තුවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගේ අවධානය යොමුව තිබෙන බව තමාට දැනගන්නට ලැබුණි යැයි ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.
වරාය හා ගුවන් සේවා බදු ,රේගු ගාස්තු,සහ සෙස් බදු ආදිය අඩු කෙරුණු විට පරණ මිපටම සනීපාරක්ෂක තුවා විකිණීමට වෙළෙන්දන්ට සිදුවෙනු ඇතැයි ද ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.
සනීපාරක්ෂක තුවා මිල ඉහළ යාම සම්බන්ධයෙන් තමා ලිපියකින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
රුපියල් 150 ට සනීපාරක්ෂක තුවා මාස්පතා ලබාදෙන්නට ලංකාවේ නිෂ්පාදකයෙක් කැමති වී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරිය කීවාය.
දැන් තිබෙන්නේ මුදල් අමාත්‍යංශය මගින් අදාල මිල අඩු කිරීම් සම්බන්ධව ගැසට් නිවේදන නිකුත් කරවා ගැනීම බවද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සනීපාරක්ෂක තුවායක්, අමුඩ ලේන්සුවක් වශයෙන් භාවිතා කිරීමට කාලය උදාවී ඇත. උත්සාහ කරලා බලන්න. ඔයාටත් මේක නරක අදහසක් නෙවෙයි.
ඕකට අතගහන්නේ පරිස්සමෙන් පුතෝ. එක්කෙනෙකුත් ජනාධිපතිවරණයේදී ඕක කියලා නාගත්තා...
ඉතාම හොඳ දෙයක්... ගෝත්‍රික අදහස් තියන ජනාධිපතිලා වගේ නොවෙයි, රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙයි කියා මම හිතනවා. පහුගිය කාලේ කාන්තාවන්ව රවට්ටලා ඡන්දෙ ගන්න එක හාදයෙක් ඔය ගැන වේදිකාවේ මොර දුන්නා. දැන්නම් ඔහුට ඒ ගැන මතකත් නැහැ.
ඔබ එය ගැන කතා නොකරන්න.. ඔබට එය අවශ්‍ය දෙයක් නෙවෙයිනේ...!
තවත් ලැජ්ජා නෑ වගේ....
ඔබ තුමියට ඕක කරන්න පුළුනි. උත්සාහ ගන්න. කෝ අර ආණ්ඩු පෙරලන්න ජනාධිපති මන්දිරේ දොරකඩට ගිහින් හාලි කට අරන් බෙරිහන් දීපු කට්ටිය. ඕකට හවුල් වෙන්නේ නැතිද? සමහර විට එයාට තව ඕන නැතුව ඇති.
තවත් දෙයක් තිබෙනවා.. අඩු මිලට හෝ නොමිලේ දෙනවා නම්...