IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සන්නද්ධ අපාරාධ කල්ලි ත්‍රස්තවාදීන් ලෙස සලකනවා - ට්‍රම්ප්

ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම්, ගෝලීය ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කරමින්, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තැබුවේය.

මෙම අපරාධ කල්ලි ඇමෙරිකාවාටත්, ඇමෙරිකන් පුරවැසියන්ටත්, මුළු ලෝකයටත් තර්ජනයක් බව පෙන්වා දෙමින්, එම කල්ලි අඩපණ කර දැමීම කළ යුත් බව අවධාරණය කරමින්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙම නියෝගයට අත්සන් කළ බව පැවැසෙයි.

ලතින් ඇමෙරිකා රටවල ක්‍රියාත්මක වන සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කණ්ඩායම් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස මෙසේ නම් කිරීමත් සමඟ එම කල්ලිවලට සහ කණ්ඩායම්වලට මුදල් ලැබෙන සියලු මාර්ග අවහිර වෙයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්වල නියැළෙන කණ්ඩායම්වලට ඔවුන්ගේ කටයුතු කරගෙන යෑම ගැටලුවක් වෙයි. ඇතැම් ලතින් ඇමෙරිකානු රටවල සන්නද්ධ අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන්නේ ඒ ඒ රටවල රාජ්‍ය අනුග්‍රහය යටතේ වීම ද රහසක් නොවන බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

සන්නද්ධ අපාරාධ කල්ලි ත්‍රස්තවාදීන් ලෙස සලකනවා - ට්‍රම්ප්

Kamal Koyrala Thursday, 20 February 2025 12:05 PM

ඔන්න ජනපති... ගත යුතු දේ ගන්න අපේ රටටත් ගැලපෙනවා

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත


බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 9 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.






මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 863 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1267 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site