IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි

(අංජුල මහික වීරරත්න)

තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි.

නව මහලේකම්වරයෙකු පත් කළ බවට කිසිදු දැනුම් දීමක් නෙකළ බව දන්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයින් ලිපියක් නිකුත් කර ඇති බව කියන අමරවීර මහතා නව මහලේකම්වරයකු පත් කරන බව එම පක්ෂය දැන්වුවහොත් එය පිළිනොගන්නා ලෙසත් මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටී.

මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමට යැවූ ලිපියේ මෙසේද සඳහන් වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම් තනතුරෙන් මා ඉවත් කොට තිලංග සුමතිපාල නැමැත්තෙක් පත්කර ඇති බවට ප්‍රවෘත්තියක් මාධ්‍ය මගින් මා වෙත දැනගැනීමට ලැබී ඇත.මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශව පක්ෂයන් ගෙන් කරන ලද විමසීමකදී එකී පක්ෂය එවැනි වෙනස් කිරීමක් පිළිබඳව දැනුවත් වීමක් නොමැති බව මා වෙත දැනුම් දී ඇත.

 



අදහස් (0)

සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site