
(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා නියෝගයක් කර ඇතැයි විහාරාධිපති අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති.
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා ඒ බව ලිඛිතව විහාරාධිපති අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා නැගෙනහිර ආණ්ඩුකාර අමතා දුරකථනයෙන් ලබාදුන් උපදෙස් අනුව ප්‍රාදේශිය ලේකම්වරයා මෙම කටයුතු නවතාලන ලෙස ලිඛිතව දැනුම් දි තිබේ.
බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අවට ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් මහතා හා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ දුරකථන ඇමතුමෙන් ලද වාචික උපදෙස් පරිදි එළි පෙහෙලි කිරිම් හා ඉදිකිරිම් තාවකාලිකව නතර කරන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා ධනේෂ්වරන් මහතා එවා ඇති ලිඛිත නියෝගයේ දැක්වේ.
අදාල නියෝගයේ පිටපත් ආණ්ඩුකාර ලේකම් , දිසාපති, ත්‍රිකුණාමල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නිලාවේලි පොලිස් ස්ථානාධිපති, ඉලුප්පුකුලම් ග්‍රාමනිලධාරි වෙත යවා තිබේ.
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම් ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන බොරලුකන්ද රජමහ විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතාලීම සම්බන්ධයෙන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා මෙසේ පැවසීය.
විහාරස්ථානයට අයිති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අරගෙන තියනවා.ඊට යාබද ස්ථානයේ තමයි මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ.යාබද ඉඩම අවට දෙමල පවුල් 500කට වැඩි ප්‍රමාණයක් පදිංචි වෙලා ඉන්නවා. සිංහල පවුල් දෙකයි ඉන්නේ.එහි පදිංචි දෙමල ජනතාව නිරන්තරයෙන් මම මුණගැසි මෙහි විහාරස්ථානයක් ඉදි කිරිම සම්බන්ධයෙන් විරෝධය පල කරනවා.ඒ අය උද්ඝෝෂණය කරනවා වැඩ නතර වුනේ නැත්නම් පාරේ ඉද ගන්නවා කියනවා.විරෝධතා මැද පන්සලක් හදන්න ගියාම ඒ විහාරාධිපති හිමියන්ට අගෞරවයක් වන බව ඒ ස්වාමින් වහන්සේ හමුවි මම කිව්වා.මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි.මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි.මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්.99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා යැයි පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුළුවන් තරම් ඉක්මණට 13 දීලා ඉවරයක් කරලා දාමු…!
එක රටක්, එක නීතියක්... තියන රටක නම් ඒ රටේ ජීවත්වීමේ නිදහස තමයි කැමැති ආගමක් ඇදහීම සහ ඒ ආගමට පසුබිම සකස්කිරීම කාටත් පොදුවිය යුතුයි. නමුත් උතුරු, නැගෙනහිර පළාතේ ද්‍රවිඩයින් හැර ඔවුන්ගේ හින්දු ආගම් හැර වෙනත් කිසිම ආගමකට සහ වෙනත් පුද්ගලයෙකුට ඉඩමක් මිලදීගැනීමත් තහනම් නම් බලය බෙදීමට ප්‍රථම ඒ කැලෑ නීතිය ඉවත් කළ යුතුයි.
රනියා ඔය සෙන්දිල්ව දැම්මේ ඔය වගේ වැඩ කරන්න තමා...
එහෙම නම්, ජනගහනය අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොයිල් කොච්චර තියනවයි කියලා සම්බන්ධන් සහ සෙන්දිල් තොන්ඩමන්ලා දන්නවාද? ජාතිවාදය අවුස්සන්න උතුරු, නැගනහිර ද්‍රවිඩ මන්ත්‍රීලා පදිංචි වෙලා ඉන්නේත්, ඔවුන්ගේ දරුවන් පාසල් යන්නේත් කොළඹ. පුද්ගලික ඉඩම්වල මොන දේවස්ථානයක් හෝ බලහත්කාරයෙන් ඉදි කරනවා නම් වැරැදියි. මේක පුරාවිද්‍යාවට අයිති ඉඩමක් මිස පුද්ගලික ඉඩමක් නොවේ. ඒ නිසා 13 ශක්තිමත් නොකළ යුතුයි. 13 සම්පූර්ණයෙන්ම අහෝසි කළයුතුයි...
ප්‍රතිචාරයක් නම් නැහැ...
මොකටද මේ දෙමල මිනිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්න තැනක පන්සලක් හදල ප්‍රශ්න ඇති කරවන්නේ?
නිකමගේ පත්කළ සෙන්තිල් දැන්මම පන්සල්වලට ගහන්න පටන්ගෙන .සිංහලයාගේ පන්සල්වලත් දේවාල තියනවා .මුන්ට හෙන හතම ගහපන්
දැන් මෙයාලට ඔ්න විදියටද ඔක්කොම වෙන්නෙ. තත්වය ඒක නම් දකුනේ තියෙන කෝවිල් ගැනත් තීරණයක් ගන්න වේවි. ආගමික සංහිඳියාව කියල කෝවිල් ප්‍රවර්ධනයටත් පන්සල් විනාශ කරන්නත් සූදානම් වෙන්න එපා.
කෝ මේ සිංහලී ,,අර ලී මේ ලී ,,,ඔක්කොගෙම බොරු ජාතික ආලේ
මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕනෙ, ලංකාවෙ හමුදුරුවරු. බුදුහාමුදුරුවො ඒ උතුම් දර්ශනය දේශනාකළේ බුද්ධිමතුන්ටයි. නමුත් ලංකාවෙදි ඒක බෞද්ධ නම් සිංහල සිංහලනම් බෞද්ධ වගේ ඉතාම ග්‍රාම්‍ය, පටු තැනකට කොටුවෙලා.. බුදුදහම දෙමල ජනතාව අතරට ගෙනියන්ඩ කවුරුවත් කල්පනා කළේ නෑ. මම හිතන විදියට සිංහලයන්ටත් වඩා හොඳට ඒ දර්ශනය දෙමළ මිනිස්සු තේරුම් ගනියි. කොහොම හරි අන්තිමට සිංහල කියන්නෙ ලෝකෙ ඉතාම සුළුතරයක්. "සිංහල බෞද්ධ" කියන්නෙ ඊටත් අන්ත සුළුතරයක්. සිංහලයටවත් තාම ඒක දැනිල නෑ. කතෝලික පිරිස අතරෙ සිංහල, දෙමළ දෙපිරිසම ඉන්නව. මේක මුලින්ම අවබෝධකරගන්ඩ ඕනෙ හාමුදුරුවරු. හැබැයි බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය හරියට නොතේරෙන පිරිසක් වගෙයි ඒ අය වැඩ කරන්නෙ. ලංකාවෙ දෙමළ දේශපාලකයො දෙමළ මිනුස්සුන්ව, සිංහල දේශපාලකයො සිංහල මිනුස්සුන්ව චූන් කරනව. ලංකාවෙදි සිංහලය දිනාවි, හැබැයි ලෝකෙ ඉස්සරහ පරාදයි. ලංකාවට කොටුවෙලා "මහජාතිය" කියල හිතුවට ලෝකෙ ඇතුලෙ සිංහලය ඉතාම සුලුතරයක්. ලෝකෙ ඉස්සරහ හරිනම් රැකවරණය ඉල්ලන්ඩ වෙලාතියෙන්නෙ සිංහලයට. හැබැයි ඒක නොතෙරෙන්නෙ මේ දූපතේ කොටුවෙලා, "මහජාතිය" මානසිකත්වයෙන් ඔලුව උදුම්මවාගෙන ඉන්න එක නිසා.
අනතුර තාමත් නොපෙනෙන්නෙ, නොදැනෙන්නෙ ඒකයි. එහෙම බලද්දි සමහර ජාතික වීරයො කියල සිංහලය සළකන අයත්, සිංහලයව මෙච්චර අමාරුවක දැමීමට හේතුවක් ද කියලත් හිතෙනව.