(රන්ජන් කස්තුරි)
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයට නිසි බලධරයින් පත්කර තිබේ.
ඒ අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නිසි බලධරයා ලෙස සම්මානිත මහාචාර්ය අබේරත්න බණ්ඩාර මහතා සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම මහත්මිය පත්ව සිටිති.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සහ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට පත්කිරීමට ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති හෙයින් නිසි බලධරයින් පත්කරන බව උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පත්වීම් ලැබූ දෙදෙනා පත්වීම් දුන් තැනැත්තාට වඩා විශ්වාසනීය නිසා හොඳක් වේ යයි බලාපොරොත්තු විය හැකියි.
ජේ.ආර්. ගේ කාලේ එහෙම වුණාට දැන් ඒ තත්වය නැහැ. ඉන්න අය දේශපාලුවන්ගේ රූකඩ වෙලා.