(සුජිත් හේවාජුලිගේ)

අභාප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මන්ත්‍රී පුරප්පාඩුවට ජගත් ප්‍රියංකර මහතා පත් කරන බව සඳහන් ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ඔහු එම මන්ත්‍රී ධූරයේ දිවුරුම් දීම ලබන මස 8 වැනිදා සිදු කෙරේ. සනත් නිශාන්ත මහතාගෙන් පසු ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට සිටි අපේක්ෂකයා ජගත් ප්‍රියංකර මහතාය ඔහු ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයෙකි.