IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සනත්ගේ අඩුව පුරවන්න බිරිය?

(ෂේන් සෙනෙවිරත්න)

කටුනායක අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශන්ත මහතා සමග මියගිය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ ගලගෙදර හෑදෙනියේ පිහිටි නිවසට අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ සහ දරුවන් ශෝකය පළ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඉදිරියේදී දේශපාලනයට එන්නේ දැයි ඇයගෙන් නැගූ පැනයකට සුහදව පිළිතුරක් දෙමින් පවසා සිටියේ එය සිදුවීමටත් නොවීමටත් පුළුවන් බවයි .

එහිදී අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය වැඩිදුරටත් පවසා සිටියේ තම සැමියා අමාත්‍ය ධුරයේ සිටියදී අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් සිටිමින් කාන්තා සමිති 500 ක් සමග ඇය වැඩ කළ බවත් පුත්තලමේ ජනතාවගෙන් සහ පක්ෂ නායකත්වයෙන් ආරාධනාවක් ලැබුණහොත් ඒ පිළිබඳව සලකා බලන බවද ඇය පැවසීය .

කෙසේ නමුත් තම ප්‍රධාන ඉලක්කය වන්නේ කුඩා වයසේ සිටින තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වැඩි කාලයක් යෙදවීමට බවද පැවසීය .



අදහස් (2)

සනත්ගේ අඩුව පුරවන්න බිරිය?

චන්දන Tuesday, 30 January 2024 03:35 PM

එහෙම යන්න පුළුවන් ද ...හැබැයි ඊයෙ ට ඉන්නෙ විමල් ගෙ කෙනෙක් ...මුං මොකක් හරි ගැටයක් ගහන්න බැරි නැහැ ..

:       0       0

Ranasingha Wednesday, 31 January 2024 12:57 PM

කවුරුවත් ඕනෙ නැහැ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site