(මනෝප්‍රිය ගුණසේකර)
ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ ආරක්‍ෂක නිලාරීයාට මරු කැඳවු අනතුර වන අවස්ථාවේදී වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කළ වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා කන්ටේනර් රථයේ රියදුරා ඇප මත මුදා හැරීමට අද (26) නියම කළේය.
කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන මහතා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් රුපියල් ලක්‍ෂ 05ක් වටිනා ඇපකරුවකුගේ බැඳුම්කරයක් මත ඔහු මුදා හැරීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ රියදුරු බලපත්‍රයද තාවකාලිකව මුදා හැරීමටට නියම කළේය
සනත් නිශාන්ත මහතා ගමන් ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය ඝට්ටනය වු කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා මෙලෙස මුදා හරින ලද අතර වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ආරච්චිකට්ටුව කැලේගම පදිංචි සුරියහෙට්ටි අධිකාරී මුදියන්සේලාගේ ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රිමාන්ඩ් බාරයට පත් කළේය.
අනතුරින් පසු සැකපිට අත්අඩංගුවට ගෙන කඳාන පොලිස් බාරයේ රඳවාගෙන ප්‍රශ්න කළ කන්ටේනර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ ජයන්ත නිරෝෂන් දසනායක නමැත්තා අධිකරණයට ඉදිරිපත් කළ කඳාන පොලිසියේ නිලධාරීහු සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කළහ.
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේදී ඊයේ (25) අලුයම 2.00ට පමණ අනතුරක් සිදුවී ඇතැයිද කටුනායක සිට කොළඹ දෙසට ධාවනයවු කන්ටේනර් රථයක පිටුපස වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයක් ගැටී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීයා වශයෙන් කටයුතු කළ පොලිස් කොස්තාපල් ජයකොඩි මහතා මියගොස් ඇතැයි දැනුම් දුන්හ.
අනතුරින් සුලු තුවාල ලැබු සනත් නිශාන්ත මහතාගේ රියදුරා වශයෙන් කටයුතු කළ ඔහු ගමන්ගත් වී-8 වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථය පැදවු ප්‍රභාත් එරංග ඩිල්නේෂා නමැත්තා රාගම රෝහලේ 39 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ යැයිද කී නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන්නේ යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කන්ටේනර් රථයේ රියදුරා රිමාන්ඩ් බාරයට පත් කරන්නැයි කඳාන පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගාමිණී සෙනරත් හේවාවිතාන කළ ඉල්ලීම" මොන විකාරයක්ද මේක? පිටුපසින් ඇවිල්ල හප්පගත්තාට කන්ටේනර් රථයේ රියදුරු මහතා මොනවා කරන්නද? ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඊළඟ පිම්මට සියලු සුදුසුකම් සපුරා ඇති කෙනෙක් වගේ..!
පොලිසිය විමර්ශන කරන අතර අධිකරණ ඒ මත පදනම්ව නියෝග ලබාදේ... පොලිසිය නියෝග ඉල්ලීම සර්ව සාධාරණ විය යුතුයි. නැතිනම් හෑල්ලුවට ලක්වන බව අමතක නොකරන්න...
ඇයි පොලිසිය කන්ටේනර් රියැදුරු රිමාන්ඩ් කරන්න ඉල්ලන්නේ...? ඔවුන්ට අවශ්‍ය වන්නේ කන්ටේනර් සමාගමෙන් මුදල් ලබා ගැනීමටයි.
දැන්, අනතුරට ලක් වූ වාහනයටත් දකුණු පසින් අධි වේගයෙන් ඉදිරියට ගිය වාහනය කළේ වරදක් නොවෙයිද? එය පැදවූයේ මෙයාගේ තරහ කාරයෙක් නොවෙයිද?
අරුන ඉදිරිපත් කල අදහස ඉතාමත් නිවැරදියි.. කන්ටේනර් රථය පැදවූ රියදුරු මහතා අත් අඩංගුවට ගත්තේ මාර්ගයේ ගමන් කල නිසාද කියලා කඳාන පොලිස් ස්ථානයේ අධිපතිගෙන් අහන්න ඕනෑ... ඇත්තටම පිටිපස්සේ ඇන්නම ඉතාමත් අමාරුවෙන් කන්ටේනර් එක පදවපු එතුමා මොනවා කරන්නද? ඇත්තටම දේශපාලුවෝ පාරෙ එනවා නම් අනෙක් මිනිස්සුන්ට පාරෙ යන්න තහනම් වගේ අදහස් තමයි මෙයින් පේන්නේ... මේකෙන් පොලිසිය අපකීර්තියට ලක්වෙලා කියන්න පුළුවන්...
කන්ටේනරයට සිදුකළ අලාභයට වහාම වන්දි ලබාදෙනු... තව රිමාර්ඩ් කරන්ඩ කතාව. මොවුන්ව අත උස්සලාද පොලිසියට බඳවා ගන්නේ...?
පොලිසිය ගැන රටේ ජනතාවගේ අප්‍රසාදය තියෙන්නේ...