(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳව තමා බලවත් කණගාටුවට පත්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
අභාවය ගැන පවුලේ සාමාජිකයන්ට සංවේගය පළ කරන බවද කතානායකවරයා කීවේය.
සනත් නිශාන්ත මහතාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනා විවාදය ඉදිරි දිනකදී පවත්වන බවද අබේවර්ධන මහතා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම හොරාකාලා විනාශ කරපු ,සදහටම හිරේ ඉන්ඩ ඕන දූෂිත දේසපාලුවෝ යහතින් ඉන්න එක ගැන අපිට කියාගන්ඩ බැරිතරම් හිතට අමාරුයි .
ඔයා විතරක් නොවෙයි. රටට ඉමහත් සේවයක් කළ සනත් මයාගේ අභාවය පිළිබඳ ව රටම කම්පාවට පත්වෙනවා. හෙලන කඳුළුවලින් ඉන්දියන් සාගරයේ වතුර මට්ටමත් ඉහළ ගිහින්...!
අපිටත් දුක වාවගන්න බැරුවයි ඉන්නේ, තාමත් ඉකි ගැහෙනවා දියවන්නාවේ ඉතුරුවෙලා ඉන්න කට්ටිය ගැන මතක් වෙනකොට...!
අපගේත් බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා... නඩු අහලා දඬුවම් කරන තුරු ජීවත් නොවුණු එකට...
දුක්වෙන්නේ මොකටද?
එතුමා සමග මියගිය පොලිස් නිලධාරියා ගැන පාර්ලිමෙන්තුවේ කාටවත් දුක නැද්ද..?
කථානායක ගැනත් සතුටුදායක ආරංචියක් එනවනම්
කරපු කියපු දේවල් හැසිරෙන ආකාරය ගැන අපි කනගාටුවෙන් හිටිය බව කතානායක තුමා දන්නේ නැතිද?
ඔය තරමට දුක නම් දුකට පුන් ගහන්න
රටේ ජනතාව. ගෑස් පොලීම් වල ඉදලා මැරිලාවැටුනා ගෑස්වලට පිච්චිලා මැරුනා. නාකි නඩේ. එකෙක් ඒ වෙනුවෙන් සෝකය පල කෙරුවද. මුන්ට දුක චන්දේ ලංවෙනකොට මැරුන නිසා. නිවන්සැප කිව්වාට. අපාදුක් විදිනවා ඇති ජීවත් වෙලා ඉද්දී කරපු දේවල් වලට. ඔයාට ඔය තරම් දුක නම් ඩ්‍රයිවර් ට කියන්න ජීප් එක කන්ටෙනර් එකට අල්ලන්න කියලා. නඩේව එලොව අරින්න කෙටිම මාර්ගය