(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සීනි බදු වංචාවෙන් රුපියල් කෝටි 1700 ක පමණ මුදලක් රජයට අහිමි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
මෙසේ අහිමි වූ ආදායමින් රුපියල් කෝටි 50ක පමණ මුදලක් අදාළ සමාගම් වලින් දැනට අය කරගෙන ඇතැයි පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද මේ ගැන පරීක්ෂණයක් කරගෙන යන බව ඔහු කීවේය.
මේ අතර රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිිරිපත් කිරීම ඓතිහාසික තීන්දුවක් බවත් දශක දෙකක් තිස්සේ ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමක් බවත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ඉදිරි කිරීමට ලැබීම ඓතිහාසික ජයග්‍රහණයක් බවත්, නිදහස් ශ්‍රී ලංකාවේ මූල්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් රජයක් ගත් අතිශය වැදගත් තීන්දුවක් බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොතරම් ලොකු ජයග්‍රහණයක් සාර්ථකත්වයක් ද ලබලා තියෙන්නේ රනිල් රාජපක්ෂයි එයාගේ සැට්ම්බි රැලයි. කෝටි 1700 න් කෝටි 50 ක්ම අය කරගෙන තව ඉතිරිවෙලා තියෙන්නේ රුපියල් කෝටි 1650ක් වගේ සොච්චම් මුදලක් තමයි අයකර ගන්න. රනිල් මාරයි රටම හමාරයි...
ඒ එක්කම සිනි වංචාව වෙනකල් බලන් ඉදපු උන්වයි , මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ?
රට කාලා තවත් ලොකු දෙයක් කලා වගේ කියවනවා... මුන් ලංකාවටම හොදයි
ඒ එක්කම සිනි වංචාව වෙනකල් බලන් ඉදපු උන්වයි , මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ?
මෙච්චර වංචාවල් කරපු මිනිස්සු කියනවා තවත් එයාලාට දෙන්නලු. මොලේ තියෙන කෙනෙක් මේ අයට ඡන්දෙ දෙනවද දෙයියනේ...!
ස්තූතියි ඇමැතිතුමා. අපි දැනුවත් වුණා. මොනවා හරි බලලා කරන්නම්... තව ඔය වගේ වංචා තිබේනම් හංගන් ඉන්නැතුව කියන්න හොඳේ...!
ඉතින් ඕවට අපිද වගකියන්න ඕනේ...?
අහිමි වෙලා ගගා ඉන්න ඇමැති තුමෝ... ඒ ඇති අපිට හරි සන්තෝෂයි...
අම්මපා ඇමැතිතුමෝ... ඔහේට පයිත්තියංද...? ඔතැන වංචාවක් නෑ ... මහජනතාවට කෙලලා තමුන්නැහැලාගේ ගජ මිතුරන්ට අස්වද්දලා... එක පාරටම ඔහොම එකක් මතක් වුනේ ඇයි..? කරනමක් ගහන්න වත් සූදානමක් තියේ යැයි...?
දැන් ඕක කී සැරයක් ජප කරල තියෙනව ද . කයිවාරු විතරයි . කවුරු රවටන්නද... ඡන්දෙ ලං වෙනකොට මේව ජප කරල හරියන්නේ නැහැ . හොරු අල්ලල දඬුවම් දීපල්ල .
මෙචරකල් ගියාද සත විසිපහට ගෙනාපු සීනි ගොඩට අහිමි වුන බදු මුදල ගණනය කරන්න? ඔබතුමාට සහ ඇමැති තනතුරට යම්කිසි හරි වටිනාකමක් එන්නෙ ඉතුරු කෝටි 1650 මීළඟ මැතිවරණයට කළින් අයකරගන්න ක්‍රමවේදය රටට-ජනතාවට ප්‍රසිද්ද කලානම් තමයි.
දුප්පත් මිනිස්සුන්ටම දෙන වඩදිපල්ලා මිනිස්සු අද ගොඩක් බඩගින්නේ
ඉතින් ලොක්කා ඔය සීනි වංචාව කරන කාලයේ ඔහෙත් ඒ ඇමති මණ්ඩලයේ නැත්නම් කැබිනට් එකේ සාමාජිකයක් කියලා අමතක වුනාද.ඒ වෙලාවෙ වරද දැක දැකත් සාමූහිකත්වය රැකීමට අත් ඉස්සුවා නේද එනිසා එම අසූචි ටිකක් ඔහේගෙ තට්ටෙත් ගෑවිලා තියෙනවා ඒවා හෝදලා අරින්න බැහැ ඒ අසූචි වල හෑරූ කෙනාගෙ නම කිව්වොත් නම් ටිකක් සේදිලා යාවි කියලා හිතෙනවා