
(අයි ආර් ඉන්දික)
පහරදිමෙන් මියගිය පුද්ගලයෙකුගේ දේහයක් රැගත් ගම්වාසිහු පිරිසක් සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන සාදාරණයක් ඉටුකරන්නයි ඉල්ලමින් වැල්ලවාය තණමල්විල මාර්ගයේ වෙහෙරයාය ආරියසිරි හංදිය හරස්කර දැවැන්ත විරෝධතාවයක නිරත වුහ.
මෙසේ මියගොස් තිබුනේ ඇතිලිවැව දෙමටත්ආරගම ලිපිනයේ පදිංචි ටි.එම්.නිශාන්ත පියසිරි නැමති පුද්ගලයෙකි .
දේහය ප්‍රධාන මාර්ගයේ තබා විවෘතකර මාර්ගයේ තැනින් තැන වාඩිවි නිදාගනිමින් ගම්වාසිහු විරෝධතාවයේ යෙදුනහ.
මියගිය පුදගලයාගේ වාඩියට පැමිණි පුද්ගලයින් පිරිසක් පෙරවකින් පහරදි මරාදමා වාඩියද ගිණිබත්කර විනාශ කර ගොස් ඇතිබවත් ඒ සම්බන්යෙන් අත්අඩගුවට ගත් සැකකරුවන් දේහය වලදැමිමටත් පෙර නිදහස් කර එවා ඇති බවත් පවසමින් මෙසෙ විරෝධතාවයේ නිරතවුහ.
මෙම විරෝධතාවය හේතුවෙන් වැල්ලවාය තණමල්විල මාර්ගයේ රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර වැල්ලවාය හකුඩාඔය පොලිස්ථානයේ පොලිස් නිළධාරින පිරිසක් පැමිණ උද්ඝෝෂකයින් හා සාකච්ඡා කිරිමට උත්සහ කළ අතර එහිදි ගම්වාසීන් සහ පොලිස් නිළධාරින් අතර උණුසුම් වචන හුවමාරු වීමක්ද සිදුවිය .
මෙම සිද්ධිය සම්බන්යෙන් අප කෙස්ලන්ද පොලිස්ථානයෙන් කල විසමසීමකදි ස්ථනධිපතිවරයා පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරවන් හතරදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රදවා ගබාගැනිමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවත් පරික්ෂණ කටයුතු සිදුකරමින් පවතින බවත්ය.



2025 දෙසැම්බර් මස 18
255
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාධාරණය ඉල්ලා තණමල්විල පාර මළගෙයක් වෙයි