(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර කාල දෙක අවසන්වීමෙන් පසු සමු ගත්තේ නම් මීට වඩා හොඳ බවත් එසේ කටයුතු කළේ නම් මෙවැනි දුකක් විඳීමට සිදු නොවන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
දේශපාලනය කරන්නේ නම් අතහැරීමද පුරුදු විය යුතු බව පැවසූ මන්ත්‍රීවරයා තනතුරුවලට ලෝභී වුණොත් මෙවැනි දේවල් විඳීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.
සුදුසු වේලාවේදී තනතුරුවලින් ඉවත් වීම වැදගත් බවද ඔහු කීවේය.
චමල් රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ රටේ පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධීන් සම්බන්ධයෙන් පැවැති සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
මහින්ද රාජපක්ෂ මහතා රට වෙනුවෙන් වසර 50 ක පමණ කාලයක් ලොකු සේවයක් කර ඇතැයිද හෙතෙම පැවසූවේය.
රාජපක්ෂවරුන් වසර අනූවක පමණ කාලයක් රට වෙනුවෙන් සේවය කර ඇති බව පැවසූ චමල් රාජපක්ෂ මහතා රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළි ගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවද ප්‍රකාශ කළේය
රනිල් වික්‍රමසිංහ මහතා පුදුම වාසනාවන්ත පුද්ගලයකු බවත් 2015 වර්ෂයේදී අඩු මන්ත්‍රී සංඛ්‍යාවක් තබාගෙන අගමැති ධූරයට පත්වූ ඔහු අද එක මන්ත්‍රීධූරයකින් අගමැති බවට පත්වී ඇතැයිද සඳහන් කළේය.
සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුණේ අරගලකරුවන්ට පහරදීමෙන් පසුව බව පැවසූ මන්ත්‍රීවරයා එය වැරදි උපදෙස් නිසා සිදුවූවක් බවද ප්‍රකාශ කළේය.
ඒ අවස්ථාවේදී කිසියම් උසි ගැන්වීමක් සිදුවූ බවද හෙතෙම පැවසුවේය.
ඉවසීමක් නැතිකම නිසා මේ දේවල් සිදුවූ බවත් සියලු සිද්ධීන්වලට මෙතන සියලු දෙනා වගකිවයුතු බවත් රාජපක්ෂ මහතා කීවේය .
අරගලකරුවන්ට පහර දීමට ගිය පුද්ගලයන් නතර කිරීමට පොලීසිය කටයුතු නොකළේ මන්දැයි ප්‍රහේලිකාවක් බව පැවසු මන්ත්‍රීවරයා එසේ නියෝග නොදුන්නේ ඇයි දැයි සොයා බැලිය යුතු බවද ප්‍රකාශ කළේය.
මේ අරගලය පිටුපස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය බවත් එය කිසිවකුටත් රහසක් නොවන බවත් ඔහු සඳහන් කළේය
ආර්ථිකය බිඳ වැටීමට නිලධාරීන්ද වගකිව යුතු බවත් ඍණ ආර්ථිකය සහ ණය ආර්ථිකය සකස්වූයේ වන පී බී ජයසුන්දර මහතා ආර්ථික උපදේශක වරයෙකු වශයෙන් කටයුතු කළ කාලයේදී බවත් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුදුරු අනාගතයේදී මීට වඩා තවත් දැහැමි සිතුවිලි පහළ වෙයි. රටේ නායකයා වුණු පළියට, රටේ රජා කියලනේ හිතාගෙන ඉන්නේ. ඥාති සංග්‍රහය, පාක්ෂික සංග්‍රහය හොරකම අතින් රාජපක්ෂලා කප් ගහලයි ඉන්නේ. පාලකයින් හා ඔවුන්ගේ දරුවන් සහ මාර හෙන්චයියන් පමණක් නොවෙයි, මේ රටේ සාමාන්‍ය ජනතාවත් කාලා බීලා ජීවත් විය යුතුයි කියන බව දැන ගත්තොත් හොඳයි. මේ රට විනාශ කලේ පාලකයින් හොරාකාලා බව මුලින්ම පිළිගන්න. ඒ කොල්ලකාපු ධනය ජනතාව සතු කළ දිනෙක මේ රට පොහොසත්...!
යන්න හදපු වෙලාවේ කවුද යන්න නොදුන්නේ...? ඒකත් කියන්න ඔහොම්ම. දැන් ඔයා බබා. ඒකද කියන්නේ...? සිංහයෝත් බලු වෙන කාලයක් මේක...!
මේ සමාන්තර ලෝකෙකින් ආව රාජපක්ෂ කෙනෙක්ද?
ඇයි තව හොරා කන්නද?
තණ්හාය ජායතී සෝකෝ. සුදුසු කාලේ යන්නේ කොහොමද බලතණ්හාවෙන් හිටපු අයට... රටට කරපු ලොකුම සේවය නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු එක. දූෂිත පවුල් පාලනයක් ගෙනයාම... පවුලේ හතර වරිගෙම ඉන්න අය කිට්ටු කරගෙන රටම හොරාකාලා බංකොළොත් කරපු එක. ඡන්දෙ දීලා බලයට පත්කරපු මහජනතාව ගසාකාලා අන්තිමට මහපාරට වැටෙන තැනට වැඩකරපු එක..!.
එතකොට මේ අයියාට තවම කාලය ඇවිත් නැතිද? මිනිහාගේ හිතේ කොල්ලා කියලා. හරියට ඇවිද ගන්නවත් බැහැ. ඔය ඔක්කෝටම පිස්සු..!!! ඊළඟ ආත්මයේ ඔය කට්ටියම ඉපදෙන්නේ අපායෙම තමයි...
රාජපක්ෂ සනුහරයම දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්වීම සඳහා මේ සුදුසුම කාලයයි...
රාජපක්ෂවරුන් අදටත් ජනතාව ඉහළින් පිළිගන්නේ අවංකව දේශපාලනය කළ නිසා බවද ප්‍රකාශ කළේය.
යන්න ඕන වෙලාවේ මල්ලිට යන්න කියන්න එපායැ... ඒ වගේම අයියත් යන්න එපායැ. මොටද 80ක් වෙලත් බදාගෙන රිංගගෙන ඉන්නේ ඕකේ... රාජපක්ෂලා හොරුද නැද්ද මන්දා පුතණ්ඩියාලා නම් කෝටිපතියන්. අපි දන්නේ නැහැ ජේවීපි නායකයින්ට වගේ කෝටිපති හාමිනේලා හම්බවෙලාද කියලා. හැබැයි එකක්... රනිල් හොරු එක්ක හිටියාට හොරෙක් නෙමෙයි...!
සෑම පසළොස්වක පොහොය දිනකම බණ අහනවා නේද දැන් වාර දෙතුන් සියයක් බණ ඇහුවත් කිසිම දේශකයන් වහන්සේ කෙනෙක් තණ්හාය ජායතී සෝකෝ... බණ පදය කියාදීලා නැහැ. කියලා තියෙන්නේ ප්‍රශක්ති ගායනය පමණද කියලා හිතෙනවා. ඒ අතරම කියන්න ඕනෑ පෝයට බණ ඇසුවත් පිළිපැද්දේ නිගන්ඨනාථ පුත්තගේ ධර්මය නේද කියලා.. ඒකෙ නේද උගන්නන්නේ ණයට හෝ අරගෙන ගිතෙල් කාපල්ලා කියලා... එය ආදර්ශයට අරගෙන රටට හෙන ගැහුවාම මොකද කියලා තම තමන්ගේ නම අනාගතයේ දරුවන්ට බැලීමට ගලේ කෙටීම කළා. ඒවායේ විපාක හොරකම්, මැරකම් නොකළ අහිංසක ජනතාවත් විඳිනවා.
මෙයාටත් දැන් තමයි තේරිලා තියෙන්නේ...!
හත්පොලේ ගාගන්නකන් හිටියද මොලේ පෑදෙන්න..? ගොවිජනතාව පොහොර ඉල්ලලා මාරාන්තික උපවාස කරද්දී නේද තමුන්නැහැ පෝරමිටිය 200-300ට විතර හංගගෙන හිටියේ..? ජනතා හඬ පැහැදිලියිනේ... ඉතින් ආයුබෝවන්...!
මේ ගොල්ලන්ට මේවා තේරෙන්නේ ගෙයක් දෙකක් ගිනිබත් වුණාම... බෙන්ස් එකේ ආරක්ෂක රට පිරිවරාගෙන එන කොට පාරෙ ඉන්න ලෙඩෙක්, මහල්ලෙක් හෝ මළමිනියක් පෙනෙන්නේ නැහැ. සරමත් නැතිව පාරේ ඇවිද්දුවා නම් ජනතාවගේ ප්‍රශ්න ටික වැටහේවි...!!!
සුදුසු කාලේ ගියානම් කොහොමද පවුල් පාලනේ රජ කරන්නේ? සාටකයින් හිතාගෙන හිටියේ ලංකාව තමුන්ගේ බූදලේ කියලා...!
ඒක හැමෝටම පොදුයි, විශේෂයෙන්ම රාජපක්ෂ පවුලට....!
රාජපක්ෂ රෙජීමයට හෙන ගහන්න ඕනෑ...!!!
ඕකට කියන්නේ අඩියක් පස්සට තියනවා කියලා.. වයසට වඩා කපටියි වගේ...
පුන පුනා කියන්නේ රටේ දේශපාලන භීෂණය කොතනද එතන මුලික ජෙප්පන්බවයි.
ඔව්.නම්බුපිට යන්න තිබුනෙ. ලැජ්ජ නැද්ද පොලිස් පති වෙලා ,නැවත කොස්තාපල් වෙන්න. මජර කම මිසක් වෙන මොනවද ඉතින්. කොහොම උනත් රටින් එලියට ගිය ඩොලර් කෝටි ගාන නැවත ගෙනත් දීල් යන්න පව් නොදී ඔක්කොම. 30 Billion has gone out with no clue ? what a shit...
අවසන් හරියේ කියපුවා නම් පිළිගන්න පුළුවන්...!
රටේ බහුතර ජනතාවගේ එකම බලාපොරොත්තුව රාජපක්ෂලා සියලුදෙනාම දේශපාලනයෙන් අතුගාලාම දාන්න.ලෑස්ති වෙලා ඉන්න.
තවත් කල් ගිහින හැරමිටියෙන් එන්නේ නැතුව අයින් වෙලා ගියානම් හොදම ආදර්ශය
ලොක්කයියෙ දැන් ඉතින් අපි කාටත් යන්න තියෙන තැනට යන්නත් එපායැ තව වැඩි කාලයක් නැහැ කියලා හිතෙන්නේ නැද්ද එහේදි සැප විදින්න ඕන තරම් ගමන් වියදම් සොයාගෙන තියෙනවා නේද අපි නොකිව්වත් කරපුදේ කරපු අයට හොදින්ම මතක ඇතිනේද ඒ ඉපැයීම් කල්ප ගගණනාවක් සදහා හොදටම ඇති .කාට කාටත් යන්න ආසන්න මොහොතේ කරපුදේ මතක් වීම සැක්කරයාගේ පුතා වයිමා ආවත් නතර කරන්න බැහැ ආසන්න කර්මය පලදේවි.ඒ නිසා දැන්වත් ඔක්කොමලා ආගම දහමට අනුව සිටීමට ගෙදර යන්නකෝ
ඇතියන්තම් මොලේ පෑදිලා ආයේ සැරයක් ඔය කතාවම කියන්න , ඔයිටත් වඩා පසුතැවෙන්න වැඩ සිදු කරගන්නේ නැතිව රාජපක්ශ පවුලේ සියලු දෙනා දැන් දේශපාලයෙන්ම ඉවත්වන්න .
කතාව ඇත්ත තමයි
හරි බබාලා
පිටරටවල ජීවත් වෙන ලාන්කිකයො එක හෙළාම කියන්නේ දුශිත බලලෝබි පවුල් පාලනේ හැම කෙනෙකුටම යන්ඩ කියලා?
ඔයා තවමත් මිනිසුන්ගේ හද ගැස්ම අනාවරණය කර ගෙන නෑ!
ඔවා දෙන පරහට තමා සම්මතයෙහි පිහිටා සිට...
රාජපක්ෂලා අඩු වෙන්න කියන ආදර්ශය මෙයාගෙන් පටන් ගත්තා නම් හරි. මහින්දනම් රටට විශාල සේවයක් කරපු කෙනෙක්. මෙයා මොනවාද රටට කලේ. රාජපක්ෂලා පුරවා ගෙන ඉදලා අර්බුද එනකොට මිනිස්සු හිතන්නේ රාජපක්ෂලා හින්දා තමයි උනේ කියලා. ඒක විපක්සයට ආයුදයක්. මෙයා ගැන හැමෝම දන්නවා. ඉස්සෙල්ලා තමන් අයින් වෙලා රාජපක්ෂලා අඩුයි කියලා පෙන්නන්න.
බයවෙන්න එපා, තවටික කලකින්ර හොරකමි කලෙද්වලුත් දාලා වල පල්ලට යනවා.