(විමුක්ති එස් රුද්‍රිගු සහ ටී.කේ.ජී කපිල)
ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාව බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී සිදුවන්නට ගිය විශාල අනතුරක් මගහරවා ගැනීමට ශ්‍රී ලංකන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා සමත් වූ බව විදේශ් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කි ගුවන් සීමාවේදී මෙම අනතුර සිදුවන්නට ගොස් ඇතැයි පැවැසෙයි.
මගීන් 275 සහ කාර්ය මණ්ඩලය සමග හිතෘ ගුවන් තොටුපොළෙන් කොළඹ බලා ගමන් ඇරඹී යූඑල් 504 ගුවන් යානය තුර්කි ගුවන් සීමාවට ඇතුල් වී ඇති අතර ඒ අවස්ථාවේ අඩි 33,000 ඉහළින් පියාසර කරමින් තිබූ ගුවන් යානය අඩි 35,000 දක්වා ඉහළට ගන්නා ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය දැනුම් දී ඇත.යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය පැවසූ පරිදි අඩි 35,000 ඉහළට ගුවන් යානය ගෙන පියාසර කළා නම් බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග උඩු ගුවනේදී ගැටී විශාල අනතුරක් සිදු වන්නට තිබුණා යැයි සිද්ධිය පිළිබඳ අවබෝධයක් ඇති ආරංචි මාර්ග පැවසුවේය.
විමසිල්ලෙන් සිටි යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් සැතපුම් 15 ක් පමණ ඉදිරියෙන් අඩි 35,000 ක සීමාවේ පියාසර කරමින් තිබූ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානය තම රේඩාර් පද්ධතියේ හඳුනාගෙන අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරියට තම ගුවන් යානයට ඉදිරියෙන් අඩි 35,000 ක සීමාවේ තවත් ගුවන් යානයක් පියාසර කරන බව දන්වා ඇත.
හිතෘ ගුවන් තොටුපොළෙන් පිටවී ඇති බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් එම ගුවන් යානය ඩුබායි සහ සිංගප්පූරුව වෙත පියාසර කරමින් සිට ඇති බව ආරංචි මාර්ග පවසයි. අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය අඩි 35,000 ක සිමාවේ තවත් ගුවන් යානයක් පියාසර කරන බව තම රේඩාර් පද්ධතියේ පෙන්නුම් නොකරන බැවින් යූඑල් 504 ගුවන් යානය අඩි 35,000 සීමාවට ගත හැකි බව නැවත දැනුම් දී ඇත. ගුවන් යානයේ රේඩාර් පද්ධතියේ බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානය හඳුනාගත් යූඑල් 504 ගුවන් යානයේ ගුවන් නියමුවන් යානය ඉහළට ගැනීම ප්‍රතික්ෂේප කර නැවත පරික්ෂා කරන ලෙස අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම්දී ඇත.
මිනිත්තු කිහිපයකට පසු නැවත යූඑල් 504 ගුවන් යානය ඇමතූ අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය යූඑල් 504 ගුවන් යානය අඩි 35,000 ඉහළට නොගන්නා ලෙස පවසා ඇත. යූඑල් 504 ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා අන්කාරා ගුවන් ගමන් පාලක මැදිරිය පැවසූ ආකාරයට අඩි 35,000 ඉහළට යූඑල් 504 ගුවන් යානය ගෙන පියාසර කළා නම් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ගුවන් යානයක් සමග ගැටී විශාල අනතුරක් සිදුවන්නට ඉඩ තිබුණා යැයි පැවැසෙයි.
ශ්‍රී ලංකා ගුවන් සමාගමේ යූඑල්-504 ගුවන් යානය බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමග ගැටීමට තිබු අවස්ථාවක් පිළිබඳ පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
"ලන්ඩනයේ සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල්-504 ගුවන් යානය කිසිඳු උපද්‍රවයකින් තොරව එම ගුවන් යානය හැසිරවීමට සමත් වූ බව අපි තහවුරු කරන්නෙමු.කෙසේ නමුත් ඇතැම් මාධ්‍ය වාර්තා වල දැක්වෙන ආකාරයට යූඑල්-504 තවත් ගුවන් යානයක ගැටීමේ අවදානමක් කිසිසෙත් මතුවුයේ නැත.අපගේ ගුවන් නියමුවන්ගේ විචක්ෂණශීලීභාවයත්,ගුවන් යානය සතු අති නවීන සන්නිවේදන පද්ධතියත් මගින් එම යානය ආරක්ෂිතව පියාසර කිරීමට අවස්ථාව සැලසිණි.අදාල අනතුර වළක්වා ගැනීමට සමත් වූ යූඑල්-504 හි ගුවන් නියමුවන්ට ශ්‍රී ලංකා ගුවන් සේවයේ නොමද ප්‍රශංසාව"
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සිදුවන්නට ගිය මහා ගුවන් අනතුර නියමුවා වළක්වා ගනී
සුජිත් පල්ලේවත්ත Wednesday, 15 June 2022 02:54 PM
කවුරුන් පැවසුවද තමන්ට ප්‍රත්‍යක්ෂ කරගත හැකි නම් පමණක් පිලිගත යුතුයි යන බුදුන් වහන්සේගේ ඉගැන්වීම ප්‍රයෝජනයට ගත් අවස්ථාවක්. නියමුවානනි..ඔබට ජාතියේ ප්‍රණාමය. .
janahitha UAE Wednesday, 15 June 2022 03:14 PM
නියමුවාණෙනි.., ඔබට ජාතියේ ප්‍රණාමය.. දළදා සමිඳු පිහිටයි..!
පිටරැටියා Wednesday, 15 June 2022 03:15 PM
ගුවන් නියමුවන්ට අපගේ ප්‍රණාමය පුදකරනවා...!
Jaga Wednesday, 15 June 2022 05:05 PM
දේශපාලන හාල්පාරුවන් මොන සොච්චම් වැඩක් කරත් පරම්පරාවෙම නම් දානවා. මේ මිනිසුන්ගේත් නම් දාපල්ලාකෝ
sampath Wednesday, 15 June 2022 08:05 PM
මෙ නියමුවා ජතික වීරවරයෙක් ලෙස නම්කොට ඇගයීමට ලක් කල යුතුයි. නම ගම ප්‍රසිද්ද කානම් හොඳයි.
ඩ්පී ජී සිරිවර්දන Wednesday, 22 June 2022 06:18 AM
දක්ෂතාවය අගේ කරනවා. නියමුවා ගැනත් තොරතුරු ටිකක් අවශ්‍යයි.