(නිමන්ති රණසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සුදුවෑන් සිද්ධියක් සම්බන්ධයෙන් අනාවරණය කළ සැකකරුවන් දෙදෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීයෙක් පැවසීය.
පැහැරගෙන යාම, මංකොල්ල කෑම, වදහිංසා පැමිණවීම යන චෝනා මත ඉකුත් 13 වැනිදා රාත්‍රි 7.45 පමණ කඩවත මහර ප්‍රදේශයේ හෝටලයකදී මෙම සැකකරුවෝ දෙදෙනා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ අනුමැතියෙන් පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීම් සිදුකර ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා පැවසීය.
මෙලෙස රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලැබීමෙන් පසුව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී. අතුල සංජීව මදනායක (46) සහ අහුගම්මන, අම්පාර පදිංචි එස්.ඩබ්ලිව්.ඒ. සරත් කුමාර (45) යන දෙදෙනාය.
මෙම මාධ්‍ය හමුවට ඉදිරිපත් වීම සඳහා තමන්ට රුපියල් ලක්ෂ 20ක් (එක් අයකුට රුපියල් ලක්ෂ 10ක් බැගින්) දුන් බවට මොවුන්ගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීම් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම, ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ පසු තමන් දෙදෙනාට ඇමරිකාවෙන් ගෙවල් දෙකක් ලබාදෙන බවට ද පොරොන්දුවක් ලබාදීම මත මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ බව සැකකරුවන් දෙදෙනා සිය ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාව ඇත්ත නම් පේනවා නේද පුරුෂ ධෛර්යයක් නැති, කොන්දක් නැති අයගේ වැඩ... කොහොමත් මගේ මතය නම් සජිත්ව යැව්වෙත් මෙයාලමයි. නැතුව රන්ජන්ගේ කතාවවත් මංගලගේ කතාව වත් නෙමෙයි. (ඒවායින් යම් දෙයක් වුණා ඒක වෙනයි) මෙයාලට ගෝඨාට විරුද්ධව මාකට් කරන්න තිබුණේ) ඔය ඊනියා සුදු වෑන් කතාව 2) ඇමෙරිකානු පුරවැසිභාවය කට්ටිය සැබෑ නොවන හීනෙක හිටිය ගෝඨා ඇමෙරිකානු පුරවැසි භාවය ප්‍රශ්නේ අල කරගනීවි කියලා ඊට අමතරව මේ වගේ නෙයියාදම් නටලා, මිනිස්සුන් තුළ භීතිකාවක් මවන්න හැදුවා.. ඇත්තටම එහෙම සුදු වෑන්වලින් උස්සපු එකෙක් හොයාගන්න පුළුවන් වුණාද? අනික අවුරුදු හතරක් පොල් ගෑවද ඕවා ගැන නොසොයා (හොයන්න තියෙන්න එපාය ) දැන් අන්තිමට මිනිස්සු හිතන විදිය තේරුණාද ඕක තේරුම් ගන්නකන් එක්සත් ජාතික පක්ෂය බලයට එනවා බොරු...!
ඔය පොඩි දෙයට ඔච්චර පොරොන්දු වුණා කියන එක වැඩි නැද්ද?
කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු තමයි. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ තමයි. මිනිස්සු හිතින් මවාගෙන තියෙන්නේ සුදු වෑන් කතාව.. ඇත්තටම මහජනතාවට පිස්සු.. සුදු වෑන් නැතිව සුදු මෝටර් සයිකලයක්.., කරත්තයක් ගැන එහෙම මිනිස්සු කතා වුණා නම් හොයයි නේද? ඇයි මේ මිනිස්සු සුදු වෑන් ගැනම කතා කරන්නේ.
මේ සිද්ධියේ ප්‍රධාන නළුවා රාජිත. ඒ වගේම මහ බැංකු හොරකමේ ප්‍රධාන නළුවන් රනිල් සහ රවී. නමුත් මේ ආණ්ඩුවත් ඔවුන්ව අත්අඩංගුවට ගන්නත් නැහැ. ඔවුන්ට දඬුවම් දෙන්නත් නැහැ. දෙගොල්ලන්ම කඩුල්ල ආරක්ෂා කරමින්, ආරක්ෂක පහරවල් එල්ල කරනවා.
ඔන්න ජනපතිතුමා, හොඳ දැලිපිහි මුවහත තියෙන කඩුවක් අතට අරන් පහර දෙන්න හොඳ වෙලාව. දැන් රටට පෙන්වන්න ඔබතුමා මෙවැනි අපරාධකාරීන්ට සහ ඔවුන් මේ විදිහට සංවිධානය කළ කුමන්ත්‍රණ කරුට නීතිය මාර්ගයෙන් දෙන දඬුවම් මොනවද කියලා අපි බලාගෙන ඉන්නවා.
කෝ මෙතන එජාපෙ ගුණ වර්ණනාකර සුදුවෑන් ගැන ලියපු ගොයියෝ ටික? ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්නවා ඇති.