(ජේ.කේ.එල්. චාමින්ද)

අලුත් අවුරුදු දින මිතුරන් පිරිසක් සමඟ සාදයක් පවත්වා පසුව සිදුවු  අරවුලකදි වු පහරදිමක්  සම්බන්දයෙන් පොලිස් කොස්තාපල්වරයකු  අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය  පවසයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදුව පොලිසියට අනුයුක්තව රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.

මොහු මිතුරන් පිරිසක් සමග  හබරාදුව හරුමල්ගොඩ  ප්‍ර දේශයේ දි සාදයක් පවත්වා ඇත.එහිදි  ආරවුලක් ඇතිවි තිබෙන අතර පොලිස් කොස්තාපල්වරයා එහි සිටි අයෙකුට පහරදි ඇත.පැරණි අමනාපයක් මත මෙම පහරදිම වි ඇති බව පොලිසිය පවසයි. පහරදිමට ලක්වු පුද්ගලයා රෝහල්ගත කොට ඇත.