
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
බෙන්තර සංචාරක පුරවරයේ පැවැත්වෙන වෙරළ සාදයකදී අලෙවි කිරීමට දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා සුඛෝපභෝගී ජීප් රථයකින් රැගෙන යමින් තිබූ කුෂ් කොකේන් සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වන පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂවරයකු හා පෞද්ගලික තොරතුරු තාක්ෂණ ආයතනයක විධායක නිලධාරීන් දෙදෙනකු බව පොලීසිය කියයි.
කොළඹ දෙස සිට සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා කොට්ටාව පිවිසුමෙන් අධිවේගී මාර්ගයට ඇතුළු වීමට යාමේදී එහි රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයක් (61760) ලංකාජීව නිලධාරියාට එහි රියදුරගේ හැසිරීම පිළිබඳ සැක සිතී නවතා පරික්ෂා කිරීමේදී රියැදුරු හැදසිටි කලිසම් සාක්කුවේ සඟවා තිබූ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60 හමු වූ බව පැවසේ.
ඒ අනුව මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු ද පරික්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 , කොකේන් ග්‍රෑම් 01 , හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01 , මත් මුද්දර 05 , සහ කුඩා විද්‍යුත් තරාදියක් තිබී හමු වූ බව කියයි .
පසුව ජීප් රථයේ සිටි අනෙක් පුද්ගලයා ද පරීක්ෂා කිරීමේ දී ඔහු සන්තකයේ විදේශ රටකින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි 60 , කුෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 900 , හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 650 තිබී හමු වූ බව පවසයි .
ඒ අනුව සැකකරුවන් තිදෙනා සමඟ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ජීප් රථය පොලිස් භාරයට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණට සංචාරකයින් යන්න හරිම ආස ඇයි කියලා ඔබලාට දැන් තේරුණාද..? අඩු මිලට මත් කුඩු විතරක් නොවේ, ගැහැණු ළමයිනුත් විකුණන පුරවරයක් බවට පත්වෙලා බව බොහෝ අය දන්නවා..!