
(විමුක්ති එස් රුද්‍රිගු)
වසර 20 කට වැඩි කාලයක් කෝමා තත්වයෙන් පසුවූ සෞදියේ අල් වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් සෞද් කුමරු ඊයේ(20) අභාවප්‍රාප්ත වූවේය.
2005 වසරේදී දරුණු රිය අනතුරකට මුහුණ දීමෙන් පසුව අල් වලීඩ් කුමරු වයස අවුරුදු 15දී කෝමා තත්වයට පත්වුණු අතර දීර්ඝ කාලයක් කෝමා තත්වයෙන් පසුවීම හේතුවෙන් "නිදා සිටින කුමාරයා" යන අන්වර්ථ නාමයෙන් ඔහුව හැඳින්වූවේය.
අල් වලීඩ් කුමරු 1990 වසරේ අප්‍රේල් මාසයේදී උපත ලබා තිබූ අතර,ඔහු බිලියනපතියකු වන අල් වලීඩ් බින් තලාල් කුමරුගේ ඥාති පුත්‍රයා වූ අතර ප්‍රමුඛ සෞදි රාජකීයයෙකු වන කලීඩ් බින් තලාල් අල් සවුද් කුමරුගේ වැඩිමහල් පුත්‍රයා විය.
රිය අනතුර හේතුවෙන් අල් වලීඩ් කුමරුගේ මොලයට දැඩි හානි සිදුව තිබූ අතර අභ්‍යන්තර ලේ ගැලීම්ද සිදුව තිබිණි. ඇමරිකානු සහ ස්පාඤ්ඤ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබාගත්තත් තම වැඩිමහල් පුත්‍රයා වූ අල් වලීඩ් කුමරු කොමා තත්වයෙන් මුදා ගැනීමට කලීඩ් කුමරු උත්සාහ ගත්තත් ඒ සියලු උත්සාහයන් අසාර්ථක වූවේය.
කීපවතාවක් අල් වලීඩ් කුමරුට සවිකර ඇති ජීවිත ආධාරක උපකරණ ක්‍රියා විරහිත කිරීමට වෛද්‍යවරුන් යෝජනා කර තිබුනත් කලීඩ් කුමරු දැඩිව එයට විරුද්ධ වී තිබිණි. වසර 20 ක කාලයක් තම වැඩි පුත්‍රයාගේ ජීවිතය රැකගැනීමට සටන් කළ කලීඩ් කුමරු අවසානයේ ඊයේ(20) එම සටනින් පරාජයට පත්වූවේය.
අල් වලීඩ් කුමරුගේ මරණය ප්‍රසිද්ධ වීමත් සමග සමාජ මාධ්‍ය තුළ මෙන්ම ලෝක ධනවතුන් ශෝක පණිවුඩ රාශියක් නිකුත් වී තිබිණි.
2025 නොවැම්බර් මස 04
429
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2195
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1659
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සෞදියේ ’’නිදා සිටින කුමාරයා’’ මිය යයි
Tiran Sunday, 20 July 2025 06:16 PM
ඒ රටේ මිනිස්සු කිව්වේ නෑ බටේ ගලවපන් අපේ තෙල් සල්ලි කියලා. ලංකාවේ වුණා නම් සතියෙන් ගලවනවා. පාහර ජෙප්පන්ට විතරයි මේ රටේ ජීවත් වෙන්න අයිතිය තියෙන්නේ. නීතියත් නවලා, තවලා ජෙප්පන්ට ක්‍රියාත්මක වෙන්නේ නෑ. කන්ටේනර් 323ක් පන්නපු ඇමැතිලා තාම එළියේ. වාහනයක කොටසක් වෙනස් කරා කියපු විපක්ෂෙ එකා හිරේ. හොරකම කවුරු කරත් නීතිය එක වෙන්න එපැයි. මහ හොරා එළියේ ඉද්දී හාල්මැස්සෝ ඇතුලේ.
perersSunday, 20 July 2025 07:53 PM
තඩි බයියෙක් වගේ...
රත්නායකMonday, 21 July 2025 10:24 AM
මහ හොරා එක පාරම දැම්මම පොඩි හොරුයි උංගෙ පොඩි හොරුයි එනවා පාරට. ටීවී චැනල් හොරුත් ආවම හරි, මහ හොරා ගන්න පීඩනයක් දෙන්න පුලුවං. මුලිං පොඩි පොඩි හොරු දාලම මහ හොරු ගන්න ඕන. ආයි එන්න ටිකක් අමාරු වෙයි.
රුවන් Sunday, 20 July 2025 11:44 PM
ටිරාන් ඇත්තටම සවුදි අරාබියේ ගිහින් තියෙනවා ද? සවුදි රජ පවුලේ සමාජිකයින් ගාන දන්නවා ද? මේ ළමයා කෝමා තත්ත්වයට ලක්වු හේතුව දන්නවාද? ඔය රෝහල හැදුවේ කව්ද කියලා දන්නවා ද? කිසිවක් නොදැන කාටවත් බනින්න එපා, ලංකාවේ ජැක්සන් ඇන්තනී කියන්නේ රෝහල් හදපු මනුස්සයෙක් නෙමෙයි. අනික සවුදි අරාබියේ මිනිස්සු පෝලිමේ ඉන්නේ නෑ. අඩුම සවුදියේ රට ඉදිවත් කලා නැතුව කීබෝඩ් වීර කතා ලියන්න එපා.
maalaka Monday, 21 July 2025 05:47 AM
ඒ තාත්තාගේ සල්ලි වලින් අවුරුදු 20 තිබ්බේ . ජනතාවගේ බදු මුදලින් නෙවෙයි.
ලුම්බිණි Monday, 21 July 2025 05:50 AM
අල් වලීඩ් බින් කලීඩ් බින් තලාල් අල් උනත් මොලය මැරිලා නම් කොච්චර තියාගෙන උන්නත් ඔච්චර තමයි .