IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොළඹට නුදුරු සිසු සිසුවියන් පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති සාදයක් අතරතුරදී හෝටල් සේවකයින් හා සරසවි සිසුන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී තුවාල ලැබූ  පුද්ගලයෙකු රෝහල් ගත කොට කාන්තාවක ඇතුළු දොළොස් දෙනෙකු  අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

ගැටුම අතරතුරදි ආදි සරසවි සිසුවකු පැදවූ වෑන් රථයක  හෝටල් සේවකයකු අනතුරට ලක් කිරීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා  ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග කියයි.

එම සරසවියේ දැනට අධ්‍යාපනය ලබන හා ආදි සිසුන් පිරිසක් අතර  හෝමාගම සුවපුබුදුගම ප්‍රදේශයේ හෝටලයක ඉකුත් 30 දා සවස සිට මත්පැන් සාදයක් පවත්වා තිබේ.

මේ සඳහා  සිසුන් හා ආදි සිසුන් පිරිසක් සමග  ඔවුන්ගේ හිතවතුන් පිරිසක් සහභාගී වී සිට තිබේ.

එහිදි සිසුන් අතර  බහින්බස්වීමක් සිදුව ඇති අතර එය දුර දිග යාමෙන් සුළු ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී එම ගැටුම පාලනය කිරීම සඳහා හෝටල් සේවකයන් මැදිහත්වීමත් සමඟ සාදය සඳහා සහභාගී වූවන් හෝටල් සේවකයින් අතර ආරවුලක් හටගෙන දෙපාර්ශ්වය විසින් එකිනෙකා අතර ගුටිබැට හුවමාරුවක් සිදුව තිබේ.

 

 



අදහස් (1)

සාදයේ ගැටුමින් සරසවි සිසුන් 12ක් අත්අඩංගුවට

ක්ලෝයි Wednesday, 01 May 2024 12:11 PM

අරගල විහිලුවෙන් පස්සේ හැම ඇම්බැට්ටයාම හිතන්නේ තමන් තමයි නීතිය කියලා. ඉතින් මේවා අරුමයක් නෙවෙයි.

:       11       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site