IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


’’සුද්දො’’ යන වාහන ආනයනයට අවසර

"සුද්දො" යන වාහන ආනයනයට අවසර

 

(අංජුල මහික වීරරත්න)

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට අවශ්‍ය වාහන ආනයනය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යල් පැනගිය වාහන භාවිතය හේතුවෙන් ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ලංකාව අත් කරගෙන සිටින කීර්ති  නාමයට යම් හානියක් සිදුකරන බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ඒ අනුව විශේෂ බදු සහන ලබා දීමකින් තොරව  සංචාරකයන් ප්‍රවාහනයට ආසන 6-15  වෑන් රථ(විදුලි සහ දෙමුහුන් රථ ඇතුළුව),750ක් සහ ආසන 16-30 කුඩා ප්‍රමාණයේ බස් රථ හා ආසන 30-45 බස් රථ 250ක් ආනයනය  කිරීම සඳහා සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.



අදහස් (5)

’’සුද්දො’’ යන වාහන ආනයනයට අවසර

Dharmatileke Tuesday, 02 April 2024 07:54 PM

මම අවුරුදු 34ක් පිටරටක හිටියා... කිසිම දවසක කවුරුත් මට දුබුරා කියලා කිව්වෙත් නෑ... සුද්දා, කල්ලා යන වචන නූගත් මිනිසුන් භාවිතා කරන වචන...

:       0       0

chandima Tuesday, 02 April 2024 09:07 PM

අන්න කාලෙකට පස්සේ යාන්තම් මොලේ ඇති වැඩක් කළා... දිගටම ඔලුවෙන් හිටගෙන හිටපු නිසා වෙන්න ඇති...

:       0       0

chandima Tuesday, 02 April 2024 09:09 PM

ඒ කාලේ තමයි ඔය වාහනවල සුද්දෝ ගියේ... දැන් ඕවගේ යන්නේ චීන්නු... ඉන්දියන් කාරයින් එහෙම. ලංකාවේ මන්ත්‍රීලා ඇමැතිලා හොයනවා නෙවෙයි. සුද්දෝ දැන් යන්නේ බස්වල...

:       0       0

සුභාෂ් Wednesday, 03 April 2024 12:11 AM

එහෙම වාහන වර්ගයක් ඇසුවාමයි ජීවිතේ මුල් වරට...සුද්දෝ යන වාහන...නොදන්න නිසා අහන්නේ ලාංකික අපිට බැරිද ඔය සුද්දෝ යන වාහන වල යන්න...ඡන්දයට අපි සුදානම් ඔබලාත් එසේමද?

:       3       6

බද්රානි Wednesday, 03 April 2024 01:04 PM

ඉතාම හොඳ තීරණයක්... ලංකාවේ හිඟන පරයින්ට ඉන්දියාවේ කබල් චැසි උඩ අටවලා තියන ඩක්කුවල යන්න සලස්වලා, සුදු නෝනලා මහත්වරුන්ට සැපපහසු වාහනවල යන්න සැලැස්වීම කාලෝචිතයි. ඒ වගේම ගුවන් තොටුපලින් විදේශිකයින් පැමිණෙන විට වෙනමම විශේෂ පර්යන්තයකින් රතු කාපට් එලා මල්මාලා දමලා පිළිගත යුතු අතර, විදේශගත හිඟන සිරි ලාංකිකයින්ව පෝලිම් ගස්සවා විශේෂ පරීක්ෂාවකට ලක්කොට, විශේෂ බද්දක් ගසා මේ රටට ඇතුල් කරගත යුතුයි.

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site