(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ලංකාවට එන විදේශිකයන් අවන්හල් (Restaurants)අරඹා වැට් හෝ කිසිදු බද්දකට යටත් නොවී විශේෂිත යන්ත්‍රයක් භාවිත කරමින් කෝටි ගණන් මුදල් විදේශයන්ට අදිමින් සිටින බව සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විදේශිකයන් භාවිත කරන එම මුදල් ලබාගැනීමේ යන්ත්‍රයට කෙඩිට් කාඩ් මගින් මුදල් ගෙවූ විට ඒ සියලු ගෙවීම් විදේශ වලට යන බව කී මන්ත්‍රීවරයා මේ ගැන වහාම සොයා බලන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගෙන් ඉල්ලා සිටියේය.
දකුණු පළාතේ ගාල්ලට එහා ප්‍රදේශ වල මෙවැනි අවන්හල් බොහොමයක් ආරම්භ කර තිබෙන බව කී කබීර් හෂීම් මහතා ඒවායේ සේවය කරන්නේ ද විදේශිකයන් බව පැවසීය.
ආණ්ඩුව දේශීය ව්‍යාපාරිකයන්ට බදු ගහන නමුත් විදේශිකයන් පැමිණ කරන කෝටි ගණන් ඉපැයීම් වලින් කිසිම බද්දක් අය නොකරන්නේ මන්දැයි ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා හා සුද්දන්ට මුකුත් කියන්න එපා...
කමක් නෑ.. ඉන්න හිටින්න රටක් තියෙනවනේ...!