
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමටත් පෙර මෙම පුද්ගලයා තීන්දුව හරියටම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස එජාප නීතිඥයන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීතිඥ නලින් පතිරණ මහතා පැවසූයේ අධිකරණයෙන් දීමට නියමිතව තිබෙන තීන්දුවක් අදාළ ප්‍රකාශය කළ තැනැත්තා විසින් කලින් ප්‍රකාශ කරන්නේ නම් ඔහුට විනිසුරුවන් සමග හෝ අධිකරණ නිලධාරීන් සමග සෘජු සම්බන්ධතාවයක් තිබිය හැකි යැයි සාධාරණ සැකයක් ඇතිවන බවයි.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බවද නලින් පතිරණ මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකුට ඇප දෙනවාද?රිමාන්ඩ් කරනවාද? කියා තීරණය කරන්නේ අධිකරණය බවත් එම තීරක අයිතිය යුටියුබ් කරුවකු පවරා ගැනීම සුළුවෙන් සැලකිය යුතු දෙයක් නොවන්න නොවන බවත් නීතීඥ නලින් පතිරණ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදන්ත ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවන වෘත්තිය මේ යූටියුබ් වල වීව්ස්, ඒක ගන්න කටට එන එක කියනවා... හැබැයි ගරු අධිකරණය තීන්දු දෙන්නේ තර්ක විතර්ක සහ නීතිය මත, මේ යූටියුබ් හිඟන්නන් සහ අධිකරණය එකට තියන සජබේ උගත් නීතිඥවරුන් හිටියොත් සජිත් සදාකල් විපක්ෂයේ...
සුදත්තගේ මාධ්‍ය භාවිතය පිළිබඳව කිසිසේත්ම එකඟ වෙන්න බෑ. නමුත් පොදු දේපළ පනත යටතේ කරන ලද පැමිණිල්ලකට අනුව වරද ඔප්පුවුණොත් චූදිතයා අනිවාර්යයෙන්ම බන්ධනාගාර ගත කරන බව නීතිය පිළිඹඳව අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා.
සුදා සහ ලපයා අතර ඇත්තේ මොන විදියේ සම්බන්ධයක්ද? දෙයියෝ දනී.
ඔන්න පොල්පොට්ගේ පුනරුදය. ජනාධිපතිත් කියන්නේ 21න් පස්සේ බලාගමු කියලා කලින්ම. ඔය පේන්නේ අධිකරණයේ ස්වාධීනත්වය...
අනේ මන්දා මොවුන් මොන නීතීඥයෝද කියලා, උසාවියේදී රනිල්ව නිදහස් කර ගන්න බැරි උන අය දැන් වෙන බයිලා ගහනවා, සුදා දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා කියයිද මට අහවලා තමයි කිව්වේ කියලා ? මිනිහා කියයි මට හිතුන දේ මම මගේ යු ටියුබ් චැනල් එකෙදී කිව්වා, ඒක කාටවත් නවත්වන්න බැහැ කියලා.
නිකන් වාසියට කාලෙන් කාලෙට එක එක්කෙනාට කඩේ යන කුණුහරුප කියන වචාලයෙක්..., මෙයා කියන ඒවා අධිකරණය ගණන් ගන්නේ නැහැ.
තේරුමක් නැහැ. ඔය පැමිණිලි විභාග වෙන්නේ අලුත් ආණ්ඩුවක් ආවොත් විතරයි...
මෙයා තමයි සී.අයි.ඩී. සහ අධිකරණයේ ලොක්කා.
අපේ රටේ සමාජ මාධ්‍ය අනිවාර්යයෙන්ම නිමානය කළ යුතුයි. ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවත් නැතිනම් මාධ්‍ය සහතික නොදිය යුතුයි. පක්ෂපාතී මාධ්‍ය භාවිතය දුෂ්ඨ දේශපාලුවන්ටත් එහා ගිය අශිෂ්ඨ ක්‍රියාවකි.
හොඳ වැඩේ...
සුදන්ත මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. ජනතාව තුළ තිබෙන නිතීය පිළිබද විස්වාසය නැවත වරක් බිඳවැටීමට පුළුවන්ය.
තමන්ගේ ප්‍රමාණය දැනගෙන හැසිරුණා නම් හොඳයි සුදා ... ඇඟිල්ලේ තරමට ඉදීමෙන්න ඕනේ..
හොඳ වැඩේ ... සුදාට...
මේ රට බුදුන්ගේ ධර්මය වැළඳ ගත්තු රටක්. අපි ඉස්සෙල්ලම සත් සතිය මෙනෙහි කරන්න ඕනෑ. නැතිනම් ත්‍රස්තවාදය මෙනෙහි කරන අය නෙමේ. රට බේරාගත්තාට මේ උත්තමයට කළගුණ, ඉතා අගේ කොට සලකපු කෙනෙක්. කණගාටුයි. මෝඩ කමට බෙහෙත් නැහැ.
අපේ රටේ ඉන්න අනාවැකි කාරයෝ මොනවාද නොකියන්නේ...? බොරු බේගල් වපුරන, දූෂිත දේශපාලුවන්ට කඩේ යන අයත් ඉන්නවා. රනිල්ව හිරේ දැමීම අධිකරණය විසින් කරුණු කාරනා රැසක්ම මුල් කරගෙන දුන් තීන්දුවක් බව පැහැදිලියි. ඉස්සර නම් අධිකරණය පවා දේශපාලණීකරණය වෙලා තිබුනේ, අද ඒ තත්ත්වය වෙනස් වී අධිකරණය ස්වාධීනව කටයුතු කිරීම වටිනවා....
සුදා මෙතැන වැරැදි නැහැ. මෙය සුදා නොව ඕනෑම කෙනෙක් අනුමාන කරලා කියන දෙයක්. මේ මම කීවා නම් කියන්නේ රනිල් එල්ලුම් ගස් !!! කියලා. මේ රටේ ඕනෑම කෙනෙකුට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් !!!
මට හිතෙන විදියට ඔය සුදත්ත මේ දේවල් කරන්නේ ඩයස්පෝරාවේ උවමනා මත. ඔය චැනල් දුවන්න සල්ලි පොම්ප කරන්නේ ඩයස්පෝරාවෙන් වෙන්න බැරිද?