
සුදු සීනි සඳහා රජය උපරිම සිල්ලර මිලක් පනවා තිබේ.
ඒ අනුව, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක් (පැකට් කළ) රුපියල් 90.00කටද, පැකට් නොකළ සීනි කිලෝවක් රුපියල් 85.00කටද, ආනයනකුරු විසින් විකිණිය යුතු උපරිම තොග මිල කිලෝවක් සඳහා රුපියල් 80.00කටද වශයෙන් මිල නියම කර තිබේ.
එම මිලට වැඩියෙන් වෙළඳාම් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම, වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම හෝ සැපයීම නොකළ යුතු බව රජය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුදු සීනි වලමිල වැඩි කරන්න. රතු සීනි භාවිතයට හුරු කර රතු සීනි වල මිල අඩු කරන්න. රතු සීනි රසායනික දුව්‍ය යොදා සුදු සීනි සාදනවා ඇත. සුදු සීනි කෑමෙන් බෝහෝ ලෙඩ රෝග ඇතිවීමට ඉඩ ඇත.
වෙළෙඳපොළ බලවේගවලට පරිභාහිරව මිල නියමයන් දැමූ විට භාන්ඩ හිගයක් නොවැලැක්විය හැක.
පාරිභෝගික අධිකාරිය මේ වෙනකොට මිළපාලනය වෙනුවෙන් කොතරම් ගැසට් නිවේදන නිකුත් කරලා ඇද්ද .කිසිම ප්‍රායෝගික කමක් නැහැ. මේවාට අනුගත නොවන කූට ව්‍යාපාරිකයන්ට අමතක නොවන ලෙස දඬුවම් කළේ නැතිනම් පාරිභෝගික අපි හැමදාම අමාරුවේ. අවශ්‍ය බලතල ඕනෑවටත් වඩා දැන් තියෙන නිසා නිසිපරිදි කටයුතු කිරීමයි දැන් කලයුත්තේ.
ඔය කියන ගානට ගන්න කොහෙද තියෙන්නේ?
ඒ කියන්නේ රජය කියන දේවල් වෙළෙන්දෝ පිළිපදින්නේ නැහැ කියලද? මේ ඔක්කොම ජනතාව රවට්ටන දේවල්.. වැඩි මිලට විකුණනවා නම් පාරිභෝගික සේවා අධිකාරියට කටයුතු කරන්න බැරිද? ජනතාව ගොනාට අන්දනවා..
ගරු සභාපතිතුමා විකුණන භාණ්ඩවල මිල ප්‍රදර්නය කළයුතු නේද? එහෙම තිබියදී රටේ බොහෝ තැන්වල දැනට තිබෙන සුපිරි වෙළඳසැල් වර්ගයක ඇපල් වැනි පලතුරු වල ප්‍රදර්ශනය කළ මිලත්, බිලට ඇතුළත් කරන මිළත් අතර ග්‍රෑම් සියයකට රුපියල් 05ක් වැඩියෙන් මිල ලබාදෙනවා. විමසුවාම කියනවා ප්‍රදර්ශනය කළ මිල පීජී රටේ මිල කියලා. මේ ගැන ඔබතුමාගේ අවධානය යොමුකරන්න.
දැන් ගැසට් වලින් හිටන් පරාජය කරලනේ?
කොහේද තියෙන්නේ? දැනුත් ගත්තේ 140ට..
ඇයි සුදු සීනිවලට විතරක්? පොට්ට පාට බලලද මිල නියම කරන්නේ?