(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
දේශීය සුදු සහ රතු කැකුළු සහල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 210 ලෙස දක්වමින් ගැසට් නිවේදනයක් රජය විසින් ඊයේ නිකුත් කරනු ලැබීය
සහල් මිල අසීමිත ලෙස ඉහළ දැමීම වැළැක්වීම සඳහා රජය මෙම පියවර ගෙන ඇත.
මේ අතර ඇතැම් කූඨ වෙළෙඳුන් හිතු හිතූ මිල ගණන් වලට සහල් අලෙවි කරන බව පාරිභෝගිකයෝ චෝදනා කරති.
දිනෙන් දින මිල ඉහළ යන හෙයින් සහල් මෙන්ම අනෙකුත් ආහාර වර්ගද මිල පාලනයකට කඩිනමින් ලක් කළ යුතු බව ජනතාව රජයට පෙන්වා දෙති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
සුදු රතු කැකුළුවලට උපරිම සිල්ලර මිලක්
ලලිත් අම්බලන්ගොඩ Saturday, 11 June 2022 11:32 AM
හොඳ අදහසක්. මීට කලින් තමයි තීරණය කරන්න තිබුණේ...
මහසෙන් Saturday, 11 June 2022 12:06 PM
ගැසට් කියන වචනෙ දැක්කාමත් හිනායනවා. ඔහොම පාලන මිලවල් කී පාරක් නම් ආවාද? රාජ්‍ය නිලධාරි ත්‍රස්තවාදයත් මේ වී මෝල්... ඒකාධිකාරී ත්‍රස්තවාදයත් ඉදිරියේ දණගහලා බෙල්ල දෙනවා හැරෙන්න කරන්න දෙයක් නෑ ආණ්ඩුවට...!
පුරවැසියා... Saturday, 11 June 2022 03:48 PM
සහල් මිල දරාගත නොහැකි මට්ටමක පවතින බැවින් සහල් ආනයනය කොට හෝ දැනට පවතින මිලට වඩා අඩක මිලකින් ජනතාවට සහල් ලබාදීම විය යුතුයි...
fairoos Sunday, 12 June 2022 12:30 PM
නන්දසේන තවත් ගැසට් එකක්... එච්චරයි. ඕකෙන් මිල අඩුවෙන්නේ නැහැ. වී කිලෝ එකක්ම 300කට යනවා... හාල් කොහොමද 210ට දෙන්න පුළුවන්...!