
සෞදියේ සල්මාන් රජු අසනීප තත්ත්වයකින් පසුවෙයි. රජුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසන්නේ, රජු දැඩි උණ රෝගී තත්ත්වයකින් පසුවන බවත්, හන්දි වේදනා සහ මස්පිඩ්‍ර වේදනා සෙසු රෝග ලක්ෂණ බවත්ය.
88 හැවිරිදි සල්මාන් රජු වෛද්‍ය පරීක්ෂණ කීපයකට යොමු කෙරුණි. ඒ, රජු ඇතුළත් කෙරුණු 'කිංග් ෆයිසාල් රෝහලේ' දීය. වෛද්‍යවරුන් පවසන්නේ රසායනගාර පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර ආරම්භ කරන බවය.
සල්මාන් රජු සෞදියේ කිරුළ දරන්නේ 2015 වසරේ සිටය. ඔටුන්න හිමි කුමරු වන්නේ සල්මාන් රජුගේ පුතු 38 හැවිරිදි මොහොමද් බින් සල්මාන් කුමරුය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞදි රජතුමාට ඉක්මන් සුවය පතමි.
රජාගේ හන්දිපත් රුදාවත් අපිට නිව්ස් උනානේ
උන්ට උණ හැදුණත් ඒක නිවුස් එකක් .
අපටනම් අනවශ්‍ය පුවතකි.
ඒගොල්ලන්ට හැදෙන්නේ රාජකීය උන
එයාට උණ ගැනුණාට අපිට මොකෝ... බලලෝභී, දූෂිත නායකයෝ කරපු විනාසේ හින්දා ජනතාවට උණ ගැනිලා තියෙන්නේ...