(ටී.කේ.ජී.කපිල)
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තුළ මුදල් ගෙවා ප්‍රභූවරුන් සිය ගුවන් ගමන් පහසුකම් සළසා ගන්නා " සේද මාවත " ( Silk Route ) මගී නිශ්කාශන පර්යන්තයේ රාජකාරී කටයුතුවලින් අද අලුයම 12.00 (00.00) සිට නැවත දැනුම් දෙන තුරු ඉවත් වීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බව එහි සභාපති කේ.ඒ.ඒ.එස්.කණුගල මහතා පවසයි.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින අස්ථාවර , අර්බුදකාරී වාතාවරණය සැලකිල්ලට ගනිමින් සහ චෝදනාවට ලක් වූ හිටපු දේශපාලන ප්‍රභූවරුන් විශාල වශයෙන් රටින් පිටවීමට මෙම සේද මාවත නිශ්කාශන පර්යන්තය භාවිතා කිරීමට ඉඩකඩ ඇති නිසා තමන් මෙම පියවර ගත් බව කණුගල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .
ලෝකයේ වෙනත් බොහෝ රටවල මෙවැනි මුදල් ගෙවා භාවිතා කරන ප්‍රභූ පර්යන්ත , එම ගුවන් තොටුපළ තුළ පවත්වා ගෙන යාමක් සිදු නොවන බවට තොරතුරු වාර්තා වේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. හොරුන්ට ලොකු කම් පෙන්නගෙන පනින්න දෙන්න එපා.. නිළධාරීන් මහතුනි ඔබලගෙ ක්‍රයාව අපි අගය කරනව.
ගරුකරනව
නියම වැඩේ. ඔය කට්ටියට ඔහොම්ම තමයි කරන්න ඕනෑ. රට කාලා තව රටින් ලස්සනට පනින්නත් හදනවා.
හොඳ තීරණයක් සතුටුයි ගෞරවණීය ස්තුතිය සැමටම
හොරුන්ට පනින්න දෙන්න එපා...!!!
මෙය මහා ලොකු වීර කමක් ලෙස දකින්නට ඇතැමුන්ට හැකිය. දැනටමත් ඩුබායි ගුවන් සේවය ලංකාවට ඒම නතර කර ඇත. තව තවත් වීර කම් පෙන්වා මේ රට නැත්තටම නැති කිරීම සඳහා සියලු ගව කුළයට අයත් සතුනට අවස්ථාව ඇත.