(රෝෂන් තුෂාර)
පස්සර සුඛෝපභෝගී බස් රථයේදී එංගලන්ත ජාතික තරුණියගේ රුපියල් 2523382.04ක් වටිනා බෑගය සහ ඩොලර් 20000ක මුදල් සොරාගත් කැලණිය ප්‍රතියාගොඩ තරිඳු නිස්සංක සැකකරු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසාන් අමරසේන මහතා අද නියෝග කළේය.
සොරකත් භාණ්ඩ සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
එම සැකකරු සොරාගෙන තිබූ ලැප් ටොප් පරිගණකය කැමරාව, බැංකු කාඩ්පත් හා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු සියලුම දේපළ පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේය .
ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම මෙරටට පැමිණ ඇල්ල බලා යාම සඳහා පිටකොටුව බැස්ටියන් මාවත බස් රථයක විදෙස් තරුණිය සිය ගමන් බෑග් තබා තිබියදී සැකකරු ඔහු රැගෙන ආ බෑගය එහි තබා ඇයගේ දේපල අඩංගු බෑගය සොරාගෙන ගොස් ඇති බවද කරුණු ඉදිරිපත් කළේය .
බස් රථයේ සවිකර තිබූ සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ ලබාගත් ඡායාරූප තොරතුරු කරුවන් ඔස්සේ රහසිගත ලෙස ප්‍රසිද්ධ කර ලබා ගත් තොරතුරු කලකට පෙර බස් රථවල ස්ටිකර් අලවිකල පුද්ගලයකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි .
සැකකරු සොයා ගත් බව කියන ඩොලර් ප්‍රමාණය මේ වනතෙක් සොයාගෙන නොමැති බව පිටකොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම මහතා පැවසීය.
"අන්ඩර් ස්කයි " නමින් යූබ්ටියුබ් චැනලයක් පවත්වාගෙන යන ස්කයි මැක්ගෝවන් නමැති තරුණිය රටවල් 37ක සංචාරය කර ඇති තැනැත්තියක් බවත් ඉකුත් 24 වෙනිදින මෙරට සංචාරය සඳහා පැමිණ තිබූ බව පොලිසිය කිය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුදු තරුණියගේ බෑගයට විද්ද ජංගම වෙළෙන්ඳා රිමාන්ඩ්
saman Friday, 31 May 2024 03:52 PM
වෙළෙන්ඳන්ට බස් රථවල ඇතුළට නගින එක තහනම් කරන්න. වැඩිහරියක් ම ඉන්නේ හොරු. තව බොහෝ දෙනෙක් මගීන්ට හිරි හැර වෙන ආකාරයට හැසිරෙන අය.
.................Sunday, 02 June 2024 06:26 AM
වෙළෙන්දන්ට වඩා බස්වලට ගොඩවෙන යාචකයො නතර කිරීමට නොපමාව කටයුතු කරන්න ඕන මගීන්ට මානසිකව පීඩනය ඇතිකර බලහත්කාරයෙන් මුදල් මංකොල්ලකෑම් උන් උපරිමයෙන් කරනවා මමගීන් දැඩිසේ පීඩාවට පත්වීම වැලැක්වීම සදහා ප්‍රවාහන ඇමතිවරයා ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවේවා දෙවනුව බස් රථවල විශේෂයෙන් ලංගම බස්වල පිරිසිදු කම නම් අන්තිමයි පිරිසිදු ඇදුමක් ඇදගෙන ගියාම බහින්න වෙන්නෙ ගරාජයක නැත්නම් මාලු කඩේක වැඩකල කෙනෙක් වගේම තමයි ඒ ගැනත් බලනවා නම් හොදයි
Sam Friday, 31 May 2024 03:58 PM
පොලිසිය කඩිනමින් බෑගය සොයාදීම පැසසිය යුත්තක්.
Wickramasuriya Friday, 31 May 2024 09:52 PM
යංතං ඇති ලංකාවේ නම රැකගැනීමට පුළුවන් වීම, ශ්‍රී ලංකා පොලීසියේ දක්ෂතාවය ඉහලයි ඒ වගේම සෑම තැනකම සීසීටීවී කැමරා පද්ධති සවිකිරීම වැදගත් බස් හිමියාට ස්තුති.
Gajamithuro Friday, 31 May 2024 10:56 PM
ඒක කරපු එකාට 88/89 කාලයේ ජෙප්පො කටයුතු කලා වගේ (ජෙප්පො දඩුවම් කලා වගේ කිව්වම සුද්දිට දඩුවම් කරල හරියන්නේ නැහැ ) දඩුවමක් දෙන්න පුළුවන් නම් හොදයි ඒකා කලේ රටේ සංවර්ධනයට පහර ගැසීමක් වගේම රට අපකීර්තියට පත්කිරීමක් කියලා කියන්න පුළුවන්
රට වඅසියා Saturday, 01 June 2024 10:50 AM
යාන්තං ඇති රටට වෙන්න ගිය හානියක් වලක්වාගත් සියලුම දෙනාට ස්තුතියි - මේ වෙලෙන්දන්, හිගන්නන් බස් රතවල මහා ලෙඩක්. බස් අයිතිකාරයෝ මේවට ඉඩ දීලා මගින්ව අපහසුතාවයට පත් කරන
lelwala Saturday, 01 June 2024 09:31 PM
වෙළඳාම් කරන අය වගේම යාචකයින් බස්වලට ඇතුල්වීම තහනම් කල යුතුයි .මගීන් මුවාවෙන් බස් එකට නැග ටික වෙලාවකින් හිඟා කෑමට පටන් ගනී.හිඟමන් නොදුන්නොත් බැනලා බහින අයත් ඉන්නවා.මේවා කරන්නේ බස් ඩ්‍රයිවර් සහ කොන්දොස්තර දැනුවත්වයි