
(අංජුල මහික වීරරත්න)
ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාව සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ, උසස් හා ඒකාබද්ධ යටිතල පහසුකම් සැපයීම, ක්‍රියාවලි ප්‍රතිනිර්මාණය යනාදිය හරහා රටට ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ දෙරටෙහි ආයෝජන පරිසරය වැඩි දියුණු කිරීම අරමුණු කර ගනිමින් ලංකා රජය සහ සෞදි අරාබි රාජධානිය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ ඇත.
ඒ අනුව, 2024-04-28 හා 29 දිනවලදී සෞදිඅරාබියේ රියාද්හි පැවති ලෝක ආර්ථික සංසදයේ විශේෂ රැස්වීම අතරතුරදී අදාල අවබෝධතා ගිවිසුමට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අත්සන් තබන ලද බවට ආයෝජන ප්‍රර්වර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ලද තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
524
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සෞදි ආයෝජන ගේන්න කැබිනට් අනුමැතිය
Hafeel Thursday, 20 June 2024 02:23 PM
මේ ජනාධිපති සහ ආණ්ඩුව කළ විදේශ සංචාර සහ ගිවිසුම්වලට අනුව අද රට ඉන්න ඕනේ ලෝකේ අංක එකට.