IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු මැති ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාවක් 2021 වසරේ අයවැයෙන් සම්මත කර ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් මෙතෙක් සම්මත කර නොගැනීම හේතුවෙන්, එය හුදු අයවැය යෝජනාවක් පමණක් බවට පත්ව ඇත

බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් 2020 වසරේ නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනාවලියට මෙම යෝජනාව ද ඇතුළත් ව ඇත.

යෝජනාව සම්මත කර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත්,එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි හා අණපනත් සකස් කර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගැනීමෙන්, එය තවත් සුදු අයවැය යෝජනාවක් පමණක් වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ජනාධිපතිවරයකු මාස දෙක තුනක් හෝ වසර දෙක තුනක් ජනාධිපතිධුරය හොබවා විශ්‍රාම ගියද ,ඔහුට සහ ඔහුගේ ඇවෑමෙන් සිය බිරියට විශ්‍රාම වැටුප ඇතුළු පහසුකම් සැපයෙන අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට වසර 5 සම්පූර්ණ වීමෙන් පසුව ,පවතින ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව, විශ්‍රාම වැටුප් හිමි වෙයි.

2021 අයවැයෙන් යෝජනා කරන ලද පරිදි ,ජනාධිපතිවරයා විශ්‍රාම වැටුප ලබා ගැනීමට වසර 5ක් සම්පූර්ණ කළ යුතු අතර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපට හිමිකම් කීමට වසර දහයක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු වේ.

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ ,මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ට මෙන්ම,හිටපු ජනාධිපති රණසිංහ මහතාගේ බිරිඳ වන හේමා ප්‍රේමදාස මහත්මියටද විශ්‍රාමික ජනාධිපතිවරයකුට හිමි විශ්‍රාම වැටුප් ඇතුළු සියලු වරප්‍රසාද දැනටත් හිමිවේ.

 



අදහස් (4)

සුදු අලියෙක් වූ 2021 අය වැය යෝජනාව

මරිසිපාල Sunday, 21 May 2023 05:52 AM

මැති ඇමති ජනාධිපති විශ්‍රාම වැටුප් අහෝසි කරන්න කියන සිහින ජනාධිපති අනුරයියා සමාගමේ කිසිවෙකුවත් ඒගැන නොසොයා සිටීමෙන් පේන්නෙ උනුත් කියනකොට එහෙම වුනත් කරනකොට එහෙම නැහැ කියලා තමයි අපි ඊළඟ ජනාධිපතිවරණයට පෙරවත් මාලිමා සමාගම පුද්ගලික යෝජනාවක් හැටියට වත් ඒකට යෝජනාවක් ගෙනේවිද බලමු

:       0       1

ගමේ එකාලා Sunday, 21 May 2023 01:14 PM

මොළහතා ගේ තටම තටම ,එ මදිවට වරද්ද වරද්ද අයවැය කියවිල්ල? හිටපු ජනාධිපතිවරුන්ට සහ මැති ඇමතිවරුන්ට මොකටද තවත් විස්‍රාම වැටුප් .බලයේ ඉන්න කාලේ හම්බකරගත්තුවා ඇතිනේ පරම්පරා ගාණකට ඇතිවෙන්ඩ ?

:       0       0

පිටරැටියා Sunday, 21 May 2023 04:20 PM

කිසිම උගත් කමක් සුදුසුකමක් නැති අයෙකුට මුදල් ඇමතිකමක් දීලා වෙච්ච් දේ .ලංකාවේ එහෙම උනත් එංගලන්තේ එහෙම වෙන්නේ නැහැ .

:       0       1

Nandalal DE SILVA - France Sunday, 21 May 2023 10:23 PM

ගෝඨාභය ලොක්කා වසර පහක් මුල් පුටුවේ හිටියා කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?එහෙනම් ඒ අද ඊයේ උපන් දරුවෙක් වෙන්න පුළුවන් .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site