IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


’’සුදු අලි’’ හොයන්න ආයතන 450කින් වාර්තා කැඳවයි

(සුජිත් හේවාජුලිගේ)

රාජ්‍ය ආයතන 450ක කාර්ය සාධනය පුළුල්ව පරීක්ෂා කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

මේ අනුව විගණන වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සම්බන්ධයෙන් තොරතුරු විස්තරාත්මකව ලබා ගැනීම සඳහා ඒ ආයතන හාරසිය පනහෙන්ම ලිඛිත වාර්තා කැඳවීමට කෝප් කමිටුව කටයුතු කරමින් සිටි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කෝප් කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා  පවසන්නේ  දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩිම ආයතන විමර්ශන සඳහා තෝරාගැනීමට මේ ආකාරයට  කටයුතු කරන බවයි.

දූෂණ වංචා සහ අක්‍රමිකතා වැඩි ආයතන වල ප්‍රධානීන් ඉතාම ඉක්මනින්ම කමිටුව හමුවට කැඳවා ඒවායේ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමට බලාපොරොත්තු වන බවත්  එම විමර්ශනවලදී පැහැදිලි වශයෙන්ම අනාවරණය වන දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට  යොමු කිරීමට පියවර ගන්නා බවත් නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

’’සුදු අලි’’ හොයන්න ආයතන 450කින් වාර්තා කැඳවයි

Lahiru Saturday, 27 September 2025 07:59 PM

ඇත්තටම හොඳයි. නමුත් CEB එකේ වගේ ඇරියස් තියන අධ්‍යක්ෂකලා ගෙන්වලා ජනතාවට ආතල් ඒකක් දෙන්න එපා. වැරදිකරුවන් ඉවත් කර දඩුවම් දෙන්න නැවත නොකරන්න. බැනුම් අහලා යන්න ඉන්න අය සහ බැනගන්න බැරි අධ්‍යක්ෂ ලා show වලට නොගෙන්නවා COPE එක මහජනතාවට යමක් වෙන කොමිටියක් කරන්න.

:       0       9

de silva Sunday, 28 September 2025 08:58 PM

අපේ බදු සල්ලි ගිලින විශාලම පාඩුවක් කරන සුදු අලියා ශ්‍රී ලන්කන් ගුවන් සේවය බව දන්නෝ දනිති , මුලින්ම එකට පිලියමක් යොදන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1733 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1435 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site