සෑම වසරකම යෙදෙන මාර්තු 04 වන දින ස්ථුලතා දිනය අදට යෙදී තිබේ.
ලෝකයේ ජනගහනයෙන් බිලියන 1.9 කට වඩා වැඩි පිරිසක් අධි බර සහිත පුද්ගලයින් ලෙස නම් කරන අතරම එම සංඛ්‍යාවෙන් මිලියන 650 ක් ස්ථුලතාවයෙන් පෙළෙන බවද සෞඛ්‍ය අමාතංශයේ බෝනොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේසඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේය.
තරබාරුව හේතුවෙන් ලෙඩ රෝග ඇතිවීම වැඩිවී ඇත.
ලෝකයේ බිලියන 1.9 වැඩි බර සහිත පුද්ගලයින් පිරිසක් සහ එය ලෝක ජනගහනයෙන් සියයට 39 ක් අධිබර සහිත පුද්ගලයින් වන අතර එයින් සියයට 13 ක් තරබාරු අයද වේ.
ලංකාවේ මෙම තත්වය අහිතකර බවට පත් වි ඇති බව ශාන්ති ගුණවර්ධන මහත්මිය පැවසුවාය. 2015 දී බර වැඩි පුද්ගලයින් සහ තරබාරු පුද්ගලයින් මේ වනවිට වැඩි වීමක් පවතින බව එම මහත්මිය කීවාය. 2015 දී පිරිමි පුද්ගලයින් සියයට 22 ක් අධිබර සහිත පුද්ගලයින් සහ ස්ථුලතා පුද්ගලයින් වේ.
එම සංඛ්‍යාව 2021 දී සියයට 30කින් වැඩි වී ඇත. 2015 දී සියයට 34 ක් තිබු අධිබර සහ තරබාරු ස්ත්‍රීන් 2021 දී සියයට 46.7දක්වා වැඩි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සංඛ්‍යා ඔක්කෝම වැරැදියි. බලන්න දියවන්නාවේ ඉන්න කට්ටිය දිහා, බහුතරයක් තරබාරු සහ නිරෝගී කට්ටිය. අසනීපයක් හැදුනොතින් ඉතින් උසාවි කේස් එකකට විතරමයි. නැත්නම් හොඳ පෘෂ්ටිමත් නිරෝගී කට්ටිය..