
(කේ. බුද්ධික කුමාරසිරි)
සිතාසියක් භාර දීම හෝමාගම පනාගොඩ කෙරේමුල්ල ප්‍රදේශයේ නිවසකට නිළ ඇදුමින් සැරසී ගිය අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පහර දුන් බව කියන යුද හමුදා සාමාජිකයෙකු ඇතුලු කාන්තාවක් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි
ළමා ආරක්ෂක අධිකාරියේ නඩුවක් සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ සිතාසියක් භාර දීම සදහා අදාල නිළධාරීයා එම නිවසට ගිය අවස්ථාවේදී පහර දුන් දෙදෙනා මත්පැන් පානය කරමින් සිට ඇතැයිද පොලිසිය පවසයි
අදාල සිතාසිය භාර දීමට තොරතුරු විමසූ අවස්ථාවේදී පොලිස් නිළධාරීයාට පරුෂ වචනයෙන් බැණ වැදී එම නිළධාරීයාට පහරදීමක් සිදු කර ඇතැයි ද ඒ හේතුවෙන් අදාල නිළධාරීයා අතුරුගිරිය ඔරුවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ගහන එක තහනම් කරලා ගැසට් එකක් ගහන්න තියෙන්නේ. මේ මිනිස්සු ගුටිකනවා ඉවරයක් නෑනේ...!
සමහරක් මිනිස්සු හිතාගෙන ඉන්නේ සිතාසිය නඩුකාරයාම අරගෙන ඇවිත් දණින් වැටී බාරදෙන්න ඕනෑ කියලා... මමත් එහෙම අදහස් තියෙන ගුරු සේවයේ සිටි කෙනෙක් දැකලා තියෙනවා.. ඇත්තටම මෙහිදී පහර දුන් පුද්ගලයින්ට අධිකරණයට අපහාස කිරීම යටතේ දඬුවම් කරන්න බැරිද?