(යොහාන් භාසුර)
ලංකා සතොස කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 20 කින් වැඩි කරමින් සුදු සීනි කිලෝවක් රුපියල් 295 කට අලෙවි කරන බවට පාරිභෝගිකව චෝදනා කරති.
රාජ්‍ය ආයතනයක් හැටියට ජනතාවට අඩු මිලට සීනි සපයන බවට පවසමින් සති දෙක පමණ කාලයක් සීනි කිලෝවක් රුපියල් 275 කට අලෙවි කළේය.
සාමාන්‍ය වෙළඳපොළේ සුදු සීනි කිලෝවක් රුපියල් 290 කට මිලදී ගත හැකි බවත් රාජ්‍ය ආයතනයක් වන සතොස මේ ආකාරයට සාමාන්‍ය වෙළඳපොළේ මිලට වඩා වැඩි මිලකට සීනි අලෙවි කිරීම පිළිබඳ කණගාටුවන බවද පාරිභෝගිකව සඳහන් කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
275ටත් දුන්නේ කිලෝ එකයි. සමහර පුද්ගලික කඩවල 279ට 280ට තියෙනවා...!