(යොහාන් භාසුර)

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන මහතා පත්කර තිබේ.

පසද යාපා අබේවර්ධන මහතා හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ පුත්‍රයා ද වේ.

සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න මහතා ඊයේ ඉල්ලා අස්විය.