IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


සතොස සේවකයින් දේශපාලන වැඩට යොදාගත්තැයි ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා

(මනෝප්‍රිය ගුණසේකර)

සතොස සේවකයින් සිය නිල රාජකාරී වලින් ඉවත් කොට දේශපාලන කටයුතු යෙදවීම තුළින් රජයට රුපියල් ලක්ෂ 11 කට අධික පාඩු සිදු කළ බවට  හිටපු වෙළද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව  රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ඇපකරුවන් දෙදෙනකු ගේ ශරීර ඇප මත විත්තිකරුවන් මුදාහැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය අවසන් වන තෙක් ඔවුන්ගේ විදේශ ගමන්  තහනම් කළේය.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට දීමටත් සෑම මසකම අවසන් ඉරුදින අල්ලස් කොමිසමේ විමර්ශන ඒකකය වෙත වාර්තා කිරීමටත් විත්තිකරුවන්ට ඇප කොන්දේසි පනවනු ලැබීය.
අධි චෝදනා පත්‍ර භාරදීමෙන් අනතුරුව මෙලෙස කොන්දේසි සහිතව මත මුදා හරින ලද්දේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන මහත්වරුන්ය.

2013 වසරේ වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට එකොළොස් ලක්ෂ අනූ තුන් දහසකට අධික පාඩුවක් සිදු කළ  බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

මීට පෙර වතාවක අධිකරණයෙන් නිකුත් කළ සිතාසියට අනුව විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර විවෘත අධිකරණයේ භාරදීමෙන් පසු ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මස 30 වනදා නඩුව කැඳවීමට නියම කළේය.



අදහස් (2)

සතොස සේවකයින් දේශපාලන වැඩට යොදාගත්තැයි ජොන්ස්ටන් ඇතුළු තිදෙනකුට අධිචෝදනා

fairoos Tuesday, 09 August 2022 06:56 PM

අම්මෝ 2013 කරපු ඒවා තාමත් ඔප්පු කරන්න බැරි වෙලාද?

:       0       3

Roshan Tuesday, 09 August 2022 07:12 PM

සතොස විතරක් නෙමෙයි.... මිල්කෝ, NLDB, කෝප් සිටි සමූපකාර යන සේරම 100%ක් දේශපාලන පත්කිරීම් තමයි. ඒ අය රාජකාරි වෙලාවෙදි ආණ්ඩුවෙන් නිකන්ම පඩි අරන් ඒ ඒ දේශපාලන පක්ෂ වලට කඩේ යන එක තමයි කරන්නේ....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 222 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 416 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site