(යොහාන් භාසුර)
සතොස අළෙවිසල්වල ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ නොමැතිවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
රට පුරා සතොස අළෙවිසල්වල රාක්ක හිස්ව පවතින ආකාරය අද පෙරවරුවේ දැකගත හැකිවිය.
සහල්, සීනි, පරිප්පු, පාන්පිටි සහ ලූණු ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සතොස අලෙවිසල්වල නොමැති තත්වයක් මේ වන විට උද්ගත වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පොටෝ ගත්ත මනුස්සයට බොරු දාන්න එපා කියන්න. මම ඊයෙ හවසත් ගියා සතොසට. හාල්, කිරිපිටි, පරිප්පු, සිනි, බී ලුණු වගේ ආහාර තියෙනවා ගන්න. හාල් නම් එක වර්ගයකින් කිලෝ 5 යි දෙන්නේ. මම වර්ග දෙකකින් හාල් කිලෝ 10 ක් ගත්තා. කිරිපිටි දේශීය ඒවා එක පැකට්ටුවයි දෙන්නේ. අනික් භාණ්ඩ වලට සීමා නැහැ. හාල්, කිරිපිටි අනික් වෙළදසැල් වලට වඩා අඩු මුදලට දෙන නිසා සීමා පැනවීම හොදයි