(යොහාන් භාසුර)
ලංකා සතොස එළඹෙන නත්තල් සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 5 ක මිල හෙට (21) සිට තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ලොකු ලූණු කිලෝවක් රුපියල් 5 කින් ද, රතු පරිප්පු කිලෝවක් රුපියල් 7 කින්, දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 10 කින්, වියළි මිරිස් කිලෝවක් රුපියල් 15 කින් සහ හාල්මැස්සන් කරවල (තායි) රුපියල් 50 කින් අඩු කළ බවත් මෙම මිල පහළ දැමීමත් සමඟ ලොකු ලූණු කිලෝවක් රුපියල් 185 කට, රතු පරිප්පු කිලෝවක් රුපියල් 378 නට, දේශීය ටින් මාළු ග්‍රෑම් 425 ක් රුපියල් 480 කට, වියළි මිරිස් කිලෝවක් රුපියල් 1780 කට සහ හාල්මැස්සන් කරවල (තායි) රුපියල් 1100 කට මිලදී ගත හැකි බවත් ලංකා සතොස පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතොසේ ඉන්න සේවකයින්ගේත් ගණන් බස්සන්ඩත් ඕන ඒ අය ඉන්නෙ රටේ අත්‍යාවශ්‍යම දේවල් බෙදාහැරීම කරන්නෙ ඒ අය විතරයි කියලා හිතාගෙන ඒ වගේම මිල අඩුකරල විතරක් මදි භාණ්ඩ තියෙන්නත් ඕනි.