(රංජන් කසිතුරි)
එළවළු මිල ගණන් ඉතා ඉහළ නැගීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා සතොස මගින් එළවළු මලු බෙදා හැරීමේ වැඩවිළිවෙළක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.
ජංගම රථවල එළවළු හා පලතුරු මිල දර්ශන ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට ද , ආර්ථික මධ්‍යස්ථානවල හා පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ තොග හා සිල්ලරමිල ගණන් ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට ඉදිරියේදී පියවර ගැනීමට නියමිතය.
මේ අතර ගොවීන්ට සිය එළවළු හා පලතුරු අලෙවිකර ගැනීමට පහසුකම් සලසමින් නගරවල කුඩා වෙළෙඳ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පමාවී හෝ ගත් හොඳ තීරණයක්... ගොවීන්ගෙන් කුණු කොල්ලයට ලබා ගන්නා එළවළු සහ පළතුරු පාරිභෝගිකයින්ට ලැබෙන්නේ අධික මිලකට. අතරමැදියන්ගේ ගසා කෑමට පියවර ගතයුතුයි. සහල්වලටත් ඇත්තේ මාෆියාවක්. මෙයටද රජය කඩිනමින් පියවර ගත යුතුයි.
ගොවීන්ගෙන් අතරමැදියාට එළවලු විකිණෙන සෑම ආර්ථික මධ්‍යස්ථානයකම..., කොළඹ, සිල්ලර වෙළෙඳපලේ එළවලු විකිණුම් මිල ඉලෙක්ට්‍රොනික් පුවරු හරහා ප්‍රදර්ශනය කළ යුතුයි. නගරබද එළවලු මිල සැමවිටම අධික වන්නේ අතරමැදියන්ගේ ගසා කෑම නිසයි.
රට පුරා සතොස අලෙවිසැල් ජාලය තව දුරටත් ශක්තිමත්ව ප්‍රවර්ධනය කළ යුතුයි. එමෙන්ම, සතොස අලෙවිසැල් රාත්‍රී 10ය පමණවන තෙක් මහජනයා සඳහා විවෘත කර තැබිය හැකි නම් හොඳයි. සේවකයින් සේවා මුර දෙකකට යෙදීමෙන් මෙය කළ හැකියි.