(යොහාන් භාසුර)
අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
‘සතොස’ ඈවර කර එහි වත්කම් ලංකා සතොසට පැවරීමට යෝජනා වී ඇති බවත් සතොස ඈවර කරන ආකාරය සහ එහි සේවකයන් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළෙඳ අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස.තො.ස. පාඩුලබන ආයතනයක් වුනේ හොර දූෂිතයින් නිසා. තියෙන බඩු පවා කලු කඩකාරයින්‍ට විකුණනවා...
රනිල් කියන්නේ ඉතින් වෙන මොනවද? විකිණීම් විතරයි...
පහුගිය දවස්වල අර සුදුළූණු කේස් එකේදී කියැවුණේ පාඩු ලබන්න හේතු.. නරක් වුණාය කියලා අඩු මුදලට දීලා එම තොගයම ආපහු වැඩිමිලට ගන්නවාය කියලා. ඉතින් ලාබ ලබයි නේද?
ඇයි සතොස විතරද? ශ්‍රී ලංකන් වහපුදාට රට ගොඩ…! ඒ ගැන කවුරුත් කතා නෑ. අපරාදේ අපේ බදු සල්ලි. එමිරේට්ස් එක්ක හවුල් වෙලා ලාභ ලැබුවා නම් ඇයි දැන් බැරි...? ඇත්ත කියනවා නම් ලංකාවට එන යන ගුවන් සේවා ඇතිතරම් තියෙනවා. හැබැයි ඉතින් ඒවා අපේ දේශපාලුවන්ට ඕන විදියට නටවන්න බෑ. ඒ නිසා ඒක කවදාවත් වෙන්න දෙන්නේ නෑ...
පාඩු ලබන සියලු ආයතන වසා දැමිය යුතුයි.. පුද්ගලික අංශය පාලනය කරන සුපිරි වෙළඳසැල් ජාලයම ලාබ ලබද්දී රාජ්‍ය ආයතන සියල්ල පාඩු ලබන්නේ ඇයි? ඇමැතිගේ ලිස්ට් එකෙන් ආපු, පෝස්ටර් ගහපු කාලකන්නි රැකියා කරන්නේ මේ ආයතනවල... හොරාකෑම ජානගත වී ඇති නිසයි මේ සතොස මෙන්ම සමූපකාර සමිති බංකොළොත් වුනේ...!
සතොස මෙන්ම සමූපකාරද වසා දැමිය යුතුයි... 20000/= පඩියට ශ්‍රමය සූරාකන වහල් ආයතන...
ඉහළම නිලධාරීන් පත් වෙන්නේ දේශපාලන බලපෑම් වලින්. අදාල ඇමැති හොර තක්කඩියෙක්.. අනිත් සේවකයෝත් ඊටම හරියන අය. ඉතින් කොහොමද ලාබ ලබන්නේ? පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් ලාබ ලබන්නයි, සතොස පාඩු ලබන්නයි හේතුව ඒක තමයි. ගුණාත්මකතාවය අඩු භාණ්ඩ පාඩුපිට විකුණලා ලාභ ලබන්න බෑ කියලා ඕවගේ ඉන්න අයට තේරෙන්නේ නෑ.
මේවා කඩා වැටෙන්නේ සුදුසුකම් සහ පලපුරුද්ද තියෙන නිලධාරීන් පත්කර නොගැනීමෙන් එක්කෝ විකුණන්න ඕනේ.. නැතිනම් හොඳ දක්ෂ නිලධාරීන් පත්කර ගන්න ඕනේ...