(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යානවල සතුන් බලා ගන්නා සේවකයන් 461 දෙනකුගේ අනතුරු දීමනාව රුපියල් 5000 කින් වැඩි කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය.
එම දීමනාව මීට පෙර පැවැතුණේ රුපියල් දෙදහස් පන්සියයක් වශයෙනි.
මේ අනුව එම සේවකයන්ට මින් ඉදිරියට අනතුරු දීමනාව ලෙස රුපියල් හත්දහස් පන්සියයක් ලැබෙන බවද එම වැඩි කළ මුදල මේ මාසයේ සිටම ලබා දුන් බවද රාජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
මෙය එම සේවකයන් කාලයක සිට කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරට සත්වෝද්‍යාන ක්‍රියාත්මක වන්නේ දෙහිවල, පින්නවල සහ අම්බලන්තොට රිදියගම යන ප්‍රදේශවලය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අලි ගහලා මැරෙන මිනිස්සු විදුලි වැට වගේ දේ දැන් අමතක කරලද ඇමති තුමෝ? විනාශය වැඩි ඒ තැන්වලයි. ඒ සේරම අර 69 ලක්ෂයේ නොවැම්බර් වරුන් කියලත් දැන් මතක නැතුවා වගෙයි නේද ?