(යොහාන් භාසුර සහ බුද්ධික කුමාරසිරි)

සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ‘සීතාවක ඔඩිසි’ දුම්රිය ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බව දුම්රිය නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) ගාමිණී සෙනෙවිරත්න මහතා පැවසීය.

එම දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට වග දුම්රිය ස්ථානය දක්වා ධාවනය වන බවත් එය ගමනාන්තය දක්වා ආකර්ශනීය ස්ථානවල නතර කරන බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹට නුදුරු  රන්මුදු ඇල්ල  කුමාරි ඇල්ල  ගොරක ඇල්ල ආදී දිය ඇලි මෙන්ම තුම්මෝදර වැල්පාලම, ගල් බංගලාව කොඩිගල කදු පන්තිය, සීතාවක රාජධානිය උද්භිද උද්‍යානය , ලබුගම හා කලටුවාව ජලාශ නැරඹීයට අවස්ථාව උදාවේ