(නිමල කොඩිතුවක්කු)
ශිෂ්ඨසම්පන්න සමාජයකට අවශ්‍ය නීති ප‍්‍රතිපාදනයක් වන සත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සත්ව සුබසාධන පනත සම්මත කිරීමට කැපවෙන ලෙස ජනාධිපති, අගමැති ඇතුලූ සියලූ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ කොළඹදී පැවසූහ.
සතුන්ගෙන් කොමිස් නොලැබීම, සත්ව සුබ සාදනය සම්බන්ධයෙන් ඔවුන්ට පෞද්ගලික ප‍්‍රතිලාභ නොලැබීම නිසා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා මේ අත්‍යවශ්‍යම මාතෘකාව අමතක කර ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ.
ජස්ටිස් ෆෝ ඇනිමල් සංවිධානය කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ එහිදී මෙසේද කීහ.
‘‘මේ ලෝකය මිනිසා සඳහාය, මේ සියලූ සම්පත්, සකලවිද ජීවීන් මිනිසා සඳහාය කියන මිත්‍යා ආකල්පයකින් අද මේ සමාජය පෙලෙනවා. ඒ නිසා හොදින් හෝ නරකින් ඔවුන් සතුන් තමන්ගේ අවශ්‍යතා සඳහා යොදා ගන්නවා. සත්ව හිංසාවට සත්ව ඝාතනයට අපි විරෝධය පළ කළ යුතුයි.
සත්වයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ සත්ව සුබසාධන පනත පාර්ලිමේන්තුවට අපි අවස්ථා ගණනාවකදීම ඉදිරිපත් කරලා තියෙනවා. මේ පනතෙහි අවශ්‍යතාවය අපි අපේ මහජන නියෝජිතයන්ට පැහැදිලි කරලා තියෙනවා. නමුත් එය සම්මත කර ගැනීමට ඒ කිසි කෙනෙක් උනන්දුවක් නැහැ.
සතුන්ගෙන් කොමිස් ලැබෙන්නේ නැති නිසා. සත්ව සුබ සාදනය සම්බන්ධයෙන් ඔවුන්ට පෞද්ගලික ප‍්‍රතිලාභ නොලැබෙන නිසා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් 225 දෙනා මේ අත්‍යවශ්‍යම මාතෘකාව අමතක කරලා තියෙනවා.
සත්ව සුබසාධනය සඳහා වූ පනතින් ශිෂ්ඨසම්පන්න සමාජයකට අවශ්‍ය නීති ප‍්‍රතිපාදන සකස් වනවා. ඒ නිසා මේ පනත වහාම සම්මත කරන්න කියලා අපි ජනාධිපති, අගමැති ඇතුලූ පාර්ලිමේන්තුවේ සියලූම මැති ඇමතිවරුන්ට කියනවා .
ආගම මුවාවෙන් සත්ව හිංසාව සිදුකිරීම බරපතල අපරාධයක් වනවා. ආගම කියන්නේ සියලූම ජන කොටස් වලට සාමය උදාකරන මාර්ගයක් වෙනවා. එබදු සංස්ථා මගින් සත්ව හිංසනයට අනුබල දීම සත්ව ඝාතනය බරපතල අපරාධයක් වෙනවා.
ප‍්‍රධාන වශයෙන් අපේ ආගම් හතරක් තියෙනවා. ඉස්ලාම් ආගම සතුන්ට වදදෙමින් සත්ව ඝාතනය සිදු කරනවා. ඒ වගේම හින්දු ආගමික ස්ථාන වල සිදුකෙරෙන මේ බිලි පූජාව. ඒ වගේම ක‍්‍රිස්තියානි ජනතාව ඒ අයගේ උත්සව වෙනුවෙන් සතුන් උපයෝගී කරගන්නවා. හැබැයි එතනදී බෞද්ධ සමාජය තුළ එවැනි දේකට ඉඩක් නැහැ.
නමුත් සංස්කෘතිය ආරක්ෂා කිරීමේ මුවාවෙන් බෞද්ධයන් අතරත් යම් සත්ව හිංසාවක් වෙනවා කියලා ලෝකයෙන් චෝදනාවක් එල්ල වෙනවා. විශේෂයෙන් පෙරහැරවල් වල අලීන් ගෙනයාමේදී සත්ව හිංසාවක් වෙනවා කියලා චෝදනාවක් එල්ල වෙනවා. සංස්කෘතියේ අරමුණු මුල් කරගෙන හෝ යම් හිංසාවක් වෙනවානම් අපි ඒ හිංසාවන් පිටු දැකිය යුතුමයි.
මේ පරහරවල් වලට අලි ඇතුන් යොදා ගැනීමට යම් නවීකරණයක් අවශයයි. ඇතුන්ගේ අවශ්‍යතාවය වෙනුවට ආදේශයක් විදියට අලංකාර රන්සිවිගෙයක් සකස් කරන්න කියලා මම යෝජනා කරනවා. ශිෂ්ඨාචාර සමාජයක් විදියට මොනම හේතුවක්මතවත් සත්ව හිංසාවකට අපි ඉඩ නොදිය යුතුයි’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඬන්න, වැළපෙන්න, කතාකරන්න බැරි සත්තු සිවුපාවන් වෙනුවෙන් පෙනීසිටීම අති උතුම් බෞද්ධ ක්‍රියාවක්. මෙය අපි ඉතා අගයකොට සලකමු.
මිනිස්සුන්ට සලකන්නේ නැති රටක සත්තුන්ට සැලකුම් ලැබෙයිද අපේ හාමුදුරුවනේ?
මස් වලට ආදේශකයක් ලෙස ප්ලාස්ටික් මස් වර්ගයක් චීනයෙන් ආනයනය කෙරුවනම් නම් හරි
අලි විතරක් නෙමේ, බිලි පුජාවන්ට දෙන කුකුලන් ගැන කිසිම දෙයක් දන්නේ නැති විදිහට ඉමු
හලාල් ක්‍රමයට සතුන් ම්ලේච්ඡ අයුරින් ඝාතනය කිරීමද සපුරා තහනම් කළ යුතුයි.
ඉතාම හොඳ දෙයක් හාමුදුරුවනේ. සතුන්ට තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න බැහැ. ඒ නිසා තමයි අප ඉදිරිපත් විය යුත්තේ.
මුහුදේ හිටියත් මාළුත් සත්ව වර්ගයක් තමයි. එළවලුවලත් කෘමීන් ඉන්නවා. එකත් බලන්න ඕනි.
සතුන් යනු එළුවන් හා ගවයන් පමණද ? කුකුලන් සහ මාළු දවසකට කොතරම්නම් මැරෙද?
හොඳ අදහසක් ඔයා එක එක්කෙනා තර්ක විතර්ක කලාට වනසතුන්ට කරන හිංසාව නතරකල යුතුයි...... මැස්සෝ මදුරුවෝ ඔක්කොම සත්තු කියන්නේ සතුන් මරාගෙන කන එක සාධාරණය කරන්න පරිබෝජනය සදහා මරණ සතුන් මරන්න අද ලෝකයේ ඉතා නවීන ක්‍රමවේද භාවිත කරනවා......... සතුන්ට අවම වේදනාවක් සමග සතුන් මරණ බියෙන් තොරව කරන ක්‍රමවේදය අනුගමනය කරන්න බලකර යුතුයි.
වර්තමානයේ ගස් හා ශාක වලටද ජිවය පවතින බව ඔප්පු වී තිබෙනවා. එහෙනම් කුසගින්නේ ඉන්නද කියන්නේ.
මොකද මේ සත්ව අයිතිවාසිකම් ගැන කියනකොට තම්බි අය කුලප්පු වෙන්නේ?
මේ.. ඕමල්පේ සොභිත හාමුදුරුවෝ... මස්, මාළු වළඳන්නේ නැද්ද?
නැ ප්‍රභා නානා තම්බි කුලප්පු වුනේ නැහැ.
තම්බින්ගේ නම දාගෙන මස් කන්නේ කවුද කියලා මස් කඩයක් ළඟ හිටියොත් තේරෙයි. ඔය හාමුදුරුවරු අරක්කු බොන නිසාද අරක්කු ගැන කතා කරන්නේ නැත්තේ...? රන්ජන් රාමනායකගේ හෙළිදරව්ව බලන්න.