(අංජුල මහික වීරරත්න)
සත්ව පාලන කටයුතු වල දී භාවිත කරන ඖෂධ මිල ඉහළ යාම පාලනය කිරීමට වැඩපිළිවෙළක් හදන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සත්ව ඖෂධ මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහලයාම පාලනය සඳහා වැඩ පිළිවෙළක් යොදන්නැයි පශු වෛද්‍ය පිරිසක් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් සලකා බලමින් අමාත්‍යවරයා මේ බව කීය.
ගවයින්, ඌරන්, බැටළුවන්, එළුවන් හා කූකුළන් වැනි සතුන් පාලනයේ දී එම සතුන්ට බෝවන රෝග සඳහා අනිවාර්යයෙන්ම ඖෂධ වර්ග භාවිත කළ යුතු යැයිද එම ඖෂධ මිල කිහිප ගුණයකින් ඉහල ගොස් ඇතැයි පශු වෛද්‍යවරු පැවැසූහ.
අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවැසූයේ ඖෂධ මෙරටට ආනයනය කරන මිල හා අලෙවි කරන මිල අතර පවතින පරතරය සොයා බැලීම සදහා තමන්ට මිල ගණන් පිළිබඳ වහාම වාර්තාවක් ලබා දෙන ලෙසයි.
ඖෂධ මිල පාලනය සඳහා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් පියවර ගත යුතුව තිබෙන බව කී අමාත්‍යවරයා කෘෂිකර්ම අමාත්‍යාංශයට ඒ සඳහා බලයක් නැති නමුත් ඖෂධ ආනයන මිල හා අලෙවි මිල අතර පවතින පරතරය හඳුනා ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෘෂිකර්ම ඇමති නමට විතරයි.වෙලඳ ඇමති නම් වෙළෙන්දන්ට උපරිම ලාභ ගන්න මාර්ග හැදුව. කෘෂි රසායනික ද්‍රව්‍ය පොහොර සත්සත්වාහාර ගැන උදව් නොකර ආහාර මිල පාලනය කොහොම කරන්නද? සාකච්ඡාව සහ රැස්වීම් නොව ක්‍රියාත්මක වීමයි අවශ්‍ය ...