(ඉන්දිකා රාමනායක)
ස්ති‍්‍ර දුෂණයක් සිදු කිරීමේ වරදට අධිකරණය මගහැර සිටීම නිසා රත්නපුර මහධිකරණයෙන් විවෘත වරෙන්තු ලැබ සිටි සැකකරුවකු ගාලූමුවදොර අරගල භූමියේ සැඟව සිටියදි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
මෙලෙස අතඅඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර වෙරළුව ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි
රත්නපුර මහධිකරණයේ විභාග වන ස්ති‍්‍ර දුෂණ නඩුවේ මෙම සැකකරු ප‍්‍රධාන සැකකරු බවත්,මොහු අධිකරණය මග හැරමින් මාස 2 ට අධික කාලයක් අරගල භූමියේ සැගව සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔච්චරද ඇල්ලුවේ? ඔය අරගලේට වෙලා කකා හැංගිලා ඉන්න ගොඩම.. කුඩු, ගංජා, පාතාලේ අය තමයි...
ඔය වගේ හාදයෝ තමයි දැන් ඔතැන ඉන්නේ... එක්කෝ රාජ්‍ය දේපළ වනසන ජේවීපී/ පෙරටුගාමී කාරයින්, නැත්තන් ඔය වගේ රස්තියාදුකාරයින්...
පෙරකදෝරු මහත්තුරු දුවගෙන යන්නේ නැද්ද වීරයා බේරාගන්න...?
ඔතන ඉන්න 90%ක් ඔය වගේ පුද්ගලයින් තමයි. තුන්වේලම කන්න බොන්න ලැබෙනවා... තව මොනවා ලැබෙනවාද දන්නේ නෑ...
දැන් ඉතින් ඕක මාස ගාණක්ම කියවයි...!
සැකකාරයෝ අරගල බිමේ, වැරැදිකාරයෝ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ...!
තව හෙව්වොත් කුඩ්ඩෝ, මංකොල්ලකාරයෝ, අයිස් කාරයෝ ඕනෑතරම් ඔය අට්ටාල ඇතුලින් හොයාගන්න පුළුවන් සාක්ෂි එක්කම.. ඔවුන්ට මේ දවස්වල පොදුවේ කියන්නේ "නිර්පාක්ෂික අරගලකරුවෝ" කියලා...
අරගල භුමියේ ඉන්නේ රටම දූෂණය කරන හාදයින්. ඉතින් ඔතැනට එක ස්ත්‍රී ද දූෂකයෙක් ආවා කියන එක අරුමයක් නොවෙයි. 9 වෙනිදා දැක්කා නේද පැය ගණනක් ඇතුළත රට දුෂණය වෙච්චි හැටි? හරියට එකවර පෝස්ටර් ටික ගැසුවා වගේ...!
ඕක මොකක්ද? කප්පම්කාරයින්, මිනීමරුවන්, කුඩුකාරයින් අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නේ...!