(ප්‍රින්ස් රත්නායක)
දෙවැනි පාසල් වාරය හෙට (6) ආරම්භ කළත් බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට දරුවන් සතියක් යන තෙක් නොඑවීමට දෙමව්පියෝ තීරණය කළහ.
පවතින ආරක්ෂක වාතාවරණය යටතේ 6 වැනිදා සිට දරුවන් පාසල නොඑවීමට සියලු දෙමව්පියන් තීරණය කර තිබේ.
පැය තුනකට ආසන්න කාලයක් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද (5) පැවති දෙමව්පිය රැස්වීමේ දී සාකච්ඡා කළ අතර එහිදී සියලු දෙනාගේ එකඟතාවයෙන් දරුවන් පාසල් නොඑවීමට තීරණය කර ඇත.
මෙම කාලය තුළ පාසලේ පිළිසකර කළ යුතු ස්ථාන කඩිනමින් පිළිසකර කිරීමටත් එම කාලය තුළ පවතින ආරක්ෂිත වාතාවරණය අනුව දරුවන් පාසලට එවීමටත් කටයුතු කරන බව දෙමාපියෝ පවසති.
එතෙක් පාසලේ ශ්‍රමදාන හා විවිධ ආරක්ෂක වැඩපිළිවෙළක් පරිශ්‍ර තුළ ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවතින රජය ගැන ජනතා බලාපොරොත්තු සුන් වී අළුවී ගොස් ඇති බවට හොඳම උදාහරණය මෙයයි. රට අස්ථාවර කරවීමේ පාපය මේ සියළුම දේශපාලුවන් දැරිය යුතුය.
හැම දෙමාපියන්ම හෙට දරුවන් පාසල් යවන්න කැමති නැහැ. නමුත් ඒක රජයට තේරෙන්නෙ නැහැ. එක එක ඇමතිලා කිව්වට වැඩක් නැහැ ජනාධිපතිතුමා හා අගමැතිතුමා එකට එකතුව කෙලින් පවසන්න රට ආරක්ෂිතයි දැන් කිසි කරදරයක් වෙන්නෙ නැහැ කියලා එවිට අපි සලකා බලන්නම්. නැතුව වක්කඩ කැඩුවා වගෙ කීවට අපි කොහොමද පිළිගන්නෙ?
රජයෙන් ආරක්ෂාව තහවුරු කරන තෙක් අපි ළමයි එවන්නේ නැත.