(අංජුල මහික වීරරත්න)
ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන් කළේය.
කොමිසමේ කටයුතු සාර්ථක කර ගැනීම අරමුණු කර ගනිමින් ජාත්‍යන්තර වශයෙන් දේශන මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත්, මේ වන විටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අන්තර්කාලීන ලේකම් කාර්යාලය මගින් කොමිසමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමේ පදනම සකස් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මේ බව කීවේ සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.
ජාත්‍යන්තරව පිළිගත් වගවීමේ ක්‍රියාවලියක අවශ්‍යතාව සහ එය ස්ථාපිත කිරීමේ රජයේ කැපවීම පැහැදිලි කළ අමාත්‍යවරයා සත්‍ය සෙවීමේ කොමිසම පිළිබඳ විශ්වාසය ගොඩ නැඟීමට අවශ්‍ය සියලු දේ සිදු කරන බව ද අවධාරණය කළේය.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා කියා සිටියේ දශක තුනක් පුරා මෙරට පැවති යුද්ධයෙන් ජාති බේදයකින් තොරව සියලු ජනතාවට විශාල පීඩනයකට මුහුණදිමට සිදු වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වෙන්නෙ නැති ඒකනෙ ප්‍රශ්නෙ
වර්තමානයේ ස්වාධින කොමිසන් කියල තියෙන්නේ බෝඩ් ලෑල්ලට පමණක් ස්වාධින ඒවා බව කවුරුත් දන්නවා .
නියම ස්වාධීන මිනිහෙක් ගේ අදහස් පිස්සු නැත්නම් හොඳයි
සබ්රි .ලොකු ටෝක් නැතුව ,මුලින්ම මැතිවරණ කොමිසම ස්වාධීන කරලා චන්දයක් තියන්න
මුස්ලිම් ආගමික යෙකු වන ඔබට ජනවාර්ගික ප්‍රශ්නයක් තිබෙන වාද? දෙමළුන්ට ජනවාර්ගික ප්‍රශ්න තිබෙනවානම් ඔවුන් කොහොමද මන්ත්‍රී, ඇමති, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ආණ්ඩුකාර වරු, රජයේ සේවකයෝ වෙන්නේ. රටපුරාම බිස්නස් කරන්නේ? එහෙම දෙයක් රටේ නැත. වක්‍රව ඉල්ලන්නේ රටින් කොටසක්.
ලංකාවේ කොයි කොමිසමද කෙරුවාවෙන් ස්වාධීන ?
ලංකාවේ කවදද අනේ ස්වාධීන කොමිසම් තිබුණේ??