(සුජිත් හේවාජුලිගේ )

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට  අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී  අද (9) වැඩි ඡන්ද  41  කින් සම්මත විය.

පනතට පක්ෂව ඡන්ද  48   ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද  7ක් පමණි.

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගර්භයේ සිටි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු ද්‍රවිඩ දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළේ පනතට විරුද්ධවය.

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම මහතා පනත් කෙටුම්පතට ඡන්දයක් අවශ්‍ය බව මුලසුනට දැනුම් දුන්නේය. ඡන්ද විමසීම පැවැත්වුණේ ඒ අනුවය.