(සුජිත් හේවාජුලිගේ)
රටේ සතුන්ට කොරෝනා වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පශු වෛද්‍ය විශේෂ කණ්ඩායමක් පත්කළ බව සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය ලංකාදීපයට පැවසුවාය.
එසේම විදේශයන්ගෙන් රැගෙන එන සුරතල් සතුන්ද කොරෝනා පරීක්ෂණවලට යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇතැයි ඇය සඳහන් කළාය.
සතුන්ට කොරෝනා වැළඳී ඇත්දැයි සොයා බැලීම සඳහා පත්කෙරුණු පශු වෛද්‍ය කණ්ඩායමට මෙරට සතුන් සම්බන්ධ සියලුම ආයතනවල පශු වෛද්‍යවරුන් ඇතුළත් වන බව කී කොතලාවල මහත්මිය එම කණ්ඩායම දැනටමත් කොරෝනා ආසාදනයවූ සතුන් ඇත්දැයි සොයා බැලීමට පරීක්ෂණ අරඹා ඇතැයිද පැවසුවාය.
මේ අතර දෙහිවල සත්ත්වෝද්‍යානයේ කොරෝනා ආසාදිත සිංහයාද සිංහ ධේනුවද මේ වනවිට සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
දෙහිවල සත්ත්වෝද්‍යානයේ වෙනත් සතුන්ට කොරෝනා ආසාදනය වී නැතැයි පරීක්ෂණවලින් තහවුරුවී ඇති බව ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය වැඩිදුරටත් කීවාය.
දෙහිවල සත්වෝද්‍යානයේ " තෝර්" නමැති පිරිමි සිංහයාට ආසාදනය වී ඇතැයි පසුගියදා හඳුනා ගැනුණේ බ්‍රිතාන්‍යයේ පැතිර ඇති ඇල්ෆා සැර කොරෝනා වයිරස ප්‍රභේදයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ කලින් අදහස් දැක්වීම් වලදී ඔය කතාව කිව්වා .කොරෝනා කවදාවත් ඉවර කරන්න දෙන්නේ නෑ .ගෙදර ඉන්න සත්තුන්ටත් වැක්සින් එනවා කියලා
දියවන්නාවෙන් පටන්ගත යුතුයි..