(ඉන්දිකා රාමනායක)
යාපනය මිරුසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි වැදීමෙන් මියගොස් ඇතැයි කොඩිකාමම් පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිරුසුවිල් උතුර ප්‍රදේශයේ පදිංචි (35) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මෙම පුද්ගලයා බඳින තුවක්කුවක් රැගෙන යතුරුපැදියකින් ඔහුගේ වගා බිම වෙත යමින් සිටියදී යතුරුපැදිය අනතුරට ලක්වී පෙරළීමෙන් ඔහු අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වෙඩි වැදීම සිදු ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන ජීවී. කෘෂිකර්ම අමාත්‍යංශ වල ඉන්නේ සුදු අලි වගා හානියට මුල් වන සත්ව ගහන අධික වර්ධනයක් සහ හැම ප්‍රදේශයකම පැතිරිලා ගිහින් තියෙනවා. පොල් ගහක පොල් ඇට්ටියක් වත් තියාගන්න බැරි තරමට රිලව්, දඬු ලේනුන්, වැඩි වෙලා. කෙසෙල් ගහක්, පොල් පැලයක් හිටව ගන්න බැරි තරමට ඉත්තෑවන්, ඌර , මුවන් වැඩි වෙලා. කරාඹු, සාදික්ක මල් කාලෙම විනාශ කරලා දාන රිලා රංචු, පලතුරු ගහක පළතුරක් තියාගන්න බැරි තරම්.මල් කාලෙම විනාශ කරනවා. ඉන්දියාව වැනි රටවල සත්ව ගහන පාලනයට රිලවු , ලේනුනු උරන් වැනි සතුන්ට උපත් පාලන injection විදිනවා. අපේ කිසිම සැලසුමක් නැහැ. ඔය ආමාත්‍යංශ වලට වසරකට බිලියන ගානක් මුදල් වැය කරනවා , මේ වගේ ප්‍රශ්න හිඟන්නාගේ තුවාලේ වගේ තියාගෙන ,කොමිස් ගහ ගහ ඉන්නේ නැතිව ,මොනවා හරි එකතු වෙලා වැඩක් කරන්න බැරි මොකද??? මේ මනුස්සය මැරෙන්නේ තමන්ගේ වගාව බේරගන්න ගිහින්. තක්කඩි පාලකයා මේ රටවල් කවදා හදයි ද